Friday, January 27, 2017

ඉඩෝරයට වට පොද වැස්සක් - අඩා මහත්තයා.

                                   
                             මම ඔබට කියන්න යන්නෙ අපූරු කතාවක් ගැන. කෙනෙක්ට මොන තරම් ස්වරූප වලට හැරෙන්න පුලුවන්ද මොන විදියෙ කෙනෙක් බවට පත් වෙන්න පුලුවන්ද කියල පෙන්නන අපූරු කතාවක් ගැන. ගුරුවරයෙක් විදියට ඉස්සරෝම පත්වීමක් ලැබෙන්නෙ දුෂ්කර සේවයට කියල කාටවත් කියන්න ඕන ඇති කියල මම හිතන්නෙ නෑ. ඒත් තමන්ට ලැබුණ දුෂ්කර පත්වීමත් දේශපාලන පළිගැනීම් නිසා අන්ත දුෂ්කර තත්වයේ පවතින පාසලකට යන්න වුණොත් ඒකත් තමන්ගෙ බිරිඳ ගෙ කුළුදුල් දරු ප්‍රසූතිය සිද්ද වෙන්න ඔන්න මෙන්න කියල වුණොත් කෙනෙක්ට මොනව හිතෙයි ද ? ඒත් කිසිම දේකින් නොසැලී හැම දේම මැදිහත්ව දරාගත්ත මනුස්සයෙක් ඒ හැම දේම විඳදරාගෙන පාසලක විතරක් නෙමෙයි ගමකම ජීවිතේ වෙනස් කරනව. තේරෙන විදියට කියනව නං හැම දේම උඩු යටිකුරු කරනව.


“…ඇය තව දුරටත් සිනහ පිරුණු මුහුනෙනි. ඡායාරූපය රාමුකර තිබූ ලීස්තර විසිරී ගොසිනි. වීදුරු කටු ද එලෙසම ය. තිත්ත කුණුහබ්බයක් ඇද බෑ අයෙකු සිනාසෙන වත මත සිය පා තබා පාගා දැමීය. අනතුරුව ජයග්‍රාහී මුහුණින් ඔහු දෙස බැලීය.

තමුසෙටනෙ බෑ කීවෙ ඕං අපි කොළා

ඔහු කිසිවක්ම නොකීවේය...
                                                                                                                        පිටුව 12

“…මහත්තයා දැං ආණ්ඩුව අපේ

ඔව් මුතු බණ්ඩා රාජ්‍ය සේවකයාගේ යුතුකම කොයි ආණ්ඩුව යටතෙත් සේවය කරන එක.

එහෙම නෙවෙයි ඔය ෆොටෝ එක ගලවල බිම දාල පාගන්ඩ ඕන

මුතුබණ්ඩා ඒ කාලකන්ණි වැඩේ මට කරන්ඩ බෑ. මං කළේ ප්‍රතිපත්ති දේශපාලනයක්. තමුසෙලාට ඕන නං මට ගහනවා
                                                                                                                       පිටුව 13

“…ඔහු සිරිත් පරිදි වැඩ ඇරඹීම සඳහා කාර්යාලය විවෘත කළේය.

මහත්තයා....

ඔහු ඉදිරිපිට ළඳකි. වෘත්තියෙන් උප ගුරුවරියකි.

මං ආවෙ වැඩ භාරගන්න මට සමාවෙන්න
                                                                                                                       පිටුව 13

                                             අම්පාර සියඹලාවැව විදුහලට පත්වීම ඇරන් යන ඔහු 77 ආණ්ඩු පෙරළිය නිසා  දේශපාලන පළිගැනීම් මත වාලච්චේන දෙමළ විදුහලට පත්වීමක් ලැබිල යනව. එතකොට ඔහු දෙමළ පිළිබඳ හරිහැටි අවබෝධයක් වත් නැති සිංහලයෙක්. මාස කීපයකින් නැවතත් එරාවුර් ප්‍ර‍දේශයේ සිප්පිමඩුව විද්‍යාලයට මාරු වීමක් ලැබිල යන්නෙ දමිළ හොඳින්ම ඉගෙන ගෙන. ඇත්තටම මේ කතාව පටන් ගන්නෙ එතනින්. සිප්පිමඩුව සිංහල විද්‍යාලය නැතිනම් සිප්පිමඩුව දේශප්‍රේමී සිංහල විදුහල ආරම්භ වෙන්නෙ ඔහුගෙ මේ ගමනින් කීවොත් නිවැරදියි. පසුකාලීනව ජාතික ගුවන් විදුලියේ ප්‍රසිදධ නිවේදකයෙකු වුණ ඔහු සිප්පිමඩුවට යන විටත් ගුවන් විදුලියේ හඬ නාට්‍ය ශිල්පියෙක්සිප්පිමඩුවට මුලින්ම පාතබන ඔහුට ලැබෙන්නෙ උණුසුම් පිළිගැනීමක්.

“…එවිටම ඔහු ඉදිරිපිට මැහැල්ලකි. දිරාපත්ව ගිය සිරුර වැරහැලි රෙදි කඩකින් වසාගත් ඇය  තීක්ෂණ ඇසින් හා යටහත් ලෙසින් ඔහු දෙස බැලුවා ය.

අඩා මහත්තයා උඹ කොහේ..?

මම සීලරත්න සෙනරත්. ගම්පහ පදිංචිය අම්පාරෙ ඉදල ආවෙ. මේ ඉස්කොලෙට මාරුවීමක් ලැබිලා. තමුන්ගෙ දරුවන්ට උගන්නන්න.

මහත්තයා අපි උඹලට දෙවියන්ට වගේ සලකනවා. මේ දරුවන්ගෙ නේත්තරා පාදල දීහං. අපි උඹව බලාගන්නවා

                                                                                                                          පිටුව 26

                                              එදින ඔහු පාසල භාර ගන්නා විට ළමුන් අට දෙනෙකුගෙන්ද  හිස් ගොඩනැගිල්ලකින්ද සමන්විත  වූ සිප්පිමඩුව සිංහල විද්‍යාලය  බලධාරීන් පවා  ඇස් වසා ගෙන සිටි තත්වයකදී සතුටුදායක තත්වයකට පත් කිරීමට ඔහු ගන්නා වෙහෙස අපමණය. සිය ගුවන් විදුලි භූමිකාවද එයට සූක්ෂ්ම අවියක් කරගන්නා ඔහු සිප්පිමඩුවේ ගතකරන වසර පහක කාලය තුළ සිප්පිමඩුව විද්‍යාලයේ මෙන්ම ගම්මානයේද සියලු බලාපොරොත්තුව වෙයි. ඒ අතර අනවරත බාධා මැද  උගැන්වුම් කටයුතු පමණක් නොව ගම්මානයේ නොනිළ ග්‍රාම නිළධාරී වරයාද වෛද්‍යවරයාද බාහිර සමාජය හා සම්බන්ධ වන සම්බන්ධීකරණ නිළධාරීවරයාද වන්නට ඔහුට සිදුවෙයි. එහෙත් ඔහු සිප්පිමඩුවට ගෙන ආ අදිසි දේශපාලන හස්තය ඔහුට කාරුණික නොවෙයි. තුන්වන ශ්‍රේණියේ විදුහල්පති වරයෙකු ලෙස උසස්වීමට තිබූ අවස්ථාව ද අවස්ථාවාදී දේශපාලනය විසින් අහිමි කරනු ලබයි. පුරුදු පරිදිම වැඩ බලන උප ගුරුවරයෙකු වශයෙන් සිය කාර්යයන් ඉටු කරන්නේ සිය වගකීම පිළිබඳ පමණක් සලකා යඔහුගේ ආගමනයට පෙර සිප්පිමඩුව ආදී ගම්වල සිසුන්ට කැමතිනම් පාවක්කොඩිචේන දමිළ විද්‍යාලයට අකුරු කිරීමට යාමට සිදුවී තිබිණ. එහි ප්‍රතිඵලය වූයේ කිහිප දෙනෙකු පමණක් අධ්‍යාපනයට යොමු වීමයි. එහෙත් ඔහු පාසලින් සමුගන්නා විට පාවක්කොඩිචේන දමිළ විද්‍යාලයේ ඉගනුම ලැබූ දරුවන් පවා සිප්පිමඩුවට පැමිණෙයි. අවසන ඔහුගේ නික්ම යාම ගමට මළ ගෙයක් වන්නේ ඔහු විසින් ගම තුළ ඉටු කළ කාර්ය භාරය නිසාය.


පින්තූරය දිණමිණ වෙබ් අඩවියෙනි
“…සුපුරුදු ලෙස එදිනද සිප්පිමඩුවට හිරු උදා වූවේය. එහෙත් එගම කිසිදු වැසියෙකු තුළ අරුණෝදයේ ප්‍රබෝධය දක්නට නොවීය. සිංහල විද්‍යාලයද මීයට පිම්බාක් මෙනි. මුවේ ඇඟිලි රුවාගත් ඇතැම් දරුවෙක් බලාගත් අත බලාගෙන සිටී. තවකෙකු විදුහලේ කෙටි තාප්පය මත ඉඳගෙනය
                                                                                                                         පිටුව 141

“…සිංහල විද්‍යාලයේ සීමාව අසලට ආ සෙනරත් ඉස්කෝලෙ මහත්තයා එක වරක් ආපසු හැරී පාසල දෙස බැලීය. ළමෝ එක එල්ලයේ ඔහු දෙස බලා සිටි. ගුරුවරයා සමීපයේ වැඩිහිටියන් පිරිසකි. පාපැදි දෙකක බඩු පොදි බැඳගත් බණ්ඩයියා හා සිරිපාල ද ඒ අතරය. නන්දුරුස් ගුරුවරයා ආසන්නයේමය
බස් නැවතුම තවත් සැතපුම් කීපයක් ඈතය. එවෙත යන සෙනරත් ඉස්කෝලෙ මහත්තයා පසුපස පෙරහරකි. එම පෙරහරේ දවුල් තම්මැට්ටම් නැත. සේසත්ද නොමැත. ඇතැම් තැනක ඉකිබිඳුම් පමණි.
උන්නිච්චි වැව ආසන්නයට පැමිණි පෙරහරේ කිසිවකුට වෙහෙසක් නැත. මාර්ගය අසල කුඩා වෙළදසැලක් පවත්වාගෙන යන පාර්වතී අම්මා දොරකඩින් එළියට බැස්සාය. දුවගෙන ආ ඇය ගුරුතුමාගේ මුව සිප ගත්තාය. දෝතින්ම ඒ මුහුණ පිරිමැද අවසානයේ 

මිට මොළවා ගත් සිය දෙකන් ආසන්නයේ තද කරගත්තාය.

උඹ යනවාද රත්තරනේ...? මේ මැහැල්ල මහත් දයාවෙන් යුතුව විමසූයේ ඇයට හුරු බසිනි.

නාන් පොයිට්ටු වාරෙන් අම්මා...
                                                                                                                        පිටුව 142

                                          අඩා මහත්තයා යනු ප්‍රකට ගුවන් විදුලි නිවේදන ශිල්පියෙකු වන සිලරත්න සෙනරත් මහතා ගේ ගුරු භූමිකාව පිළිබඳ අතීතාවර්ජනයකි. අසූව හා අනූව දශකයේ ජාතික ගුවන් විදුලි සේවය හා බද්ධ පරම්පරාවට ඔහු අමුත්තෙකු නොවේ යැයි සිතමි. සිප්පිමඩුව දේශප්‍රේමී සිංහල විද්‍යාලය ගොඩනැගීමේ සිට එහි ආදිතම සාක්ෂි කරුවෙකු වූ ඔහුගේ අතීතාවර්ජනය ඔබට ගෙනෙන්නේ අශෝක පියරත්නයන් විසිනි. ඔහුගේ භාෂා භාවිතය අපූරුය. සරලය. එසේම කෙටිය. අවස්ථා නිරූපණයට දක්වන කුසලතාව ද මනරම්ය. කතානායකයාගේ ජීවන අත්දැකීම් සංක්ෂිප්තවද රස නොනැසෙන සුළු ලෙසද ඉදිරිපත් කිරීමට ඔහු ගෙන ඇති වෙහෙස පැසසිය යුතුය. එසේම අනවශ්‍ය විස්තර හා වර්ණනා නොමැති වීමද කැපී පෙනෙන ලක්ෂණයකි. එය කෘතියේ අන්තර්ගතයට ප්‍රබල බලපෑමක් එල්ල කරන අතරම එහි ඉදිරිපත් වන කතාව පිළිබඳ වෙහෙසක් නොමැතිව කියවාගෙන යා හැකි තරම් සුගමය. නමුදු ඒ කෙටි බවම කියවන්නාට බාධාවක් ඇති කරන්නේ යම් යම් අවස්ථාවන්හි  අත්‍යාවශ්‍ය  යැයි හැගෙන ඇතැම් තැන් වල විස්තර මද වීම හේතු කොට ගෙනය. එසේම සිය ස්වාමියා වෙනුවෙන් සිය කුටුම්බය වෙනුවෙන් අප්‍රමාණ කැපකිරීමක් කළ ඒ ගැහැණිය - ඔහුගේ බිරිඳ පිළිබඳවද යම් සටහනක් වී නම් කෘතිය පරිපූර්ණ වන්නට තිබුණා යැයි හැ‍‍‍ගේ. නමුදු සමස්ථයක් ලෙස ගත් විට එය සාර්ථක කෘතියක් බව නොකිවමනාය.


කෘතිය- අඩා මහත්තයා
වර්ෂය- 2016 ඔක්තෝබර්
කර්තෘ- අශෝක පියරත්න
මිල- රු.300.00
ප්‍රකාශනය- කර්තෘ ප්‍රකාශනයකි.

.


32 comments:

  1. හොඳ පොතක් වගේ .. එන මාසේ ගන්න ඕන :D

    ReplyDelete
    Replies
    1. ගනිං ගනිං ඇත්තටම පාඩුවක් නෑ
      සරසවියෙ

      Delete
  2. can i buy it from Galle,pls text me to 0774310734

    ReplyDelete
  3. නිහැඬියාවකින් පස්සේ මහේෂ් ඇවිත් තියෙන්නේ හොඳ හෝඩුවාවකුත් අරන්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒ පොත හංදමයි මෙහෙට කඩං වැදුණෙත් ඕං...
      ජය

      Delete
  4. Ma potha nam Aniwaryanma kiyawanna ona.

    ReplyDelete
    Replies
    1. කියවන්න කියවන්න. සතුටුයි

      Delete
  5. අපිට කොයි මේවා කියවන්න වාසනාවක්.. :(

    ReplyDelete
    Replies
    1. ඇයි බං ඒ.. සරසවියෙ තියෙයි නෙව

      Delete
    2. මම ඉන්නේ ලංකාවේ නෙවෙයි බං :(

      Delete
    3. ඔහ්. ඒකත් එහෙමෙයි. බලාන් grantha.lk එකේ..

      Delete
  6. හොයාගෙන ගිහින් ගන්න සිද්ධ වෙන පොතක්...
    ස්තුතියි මචං හෝඩුවාවට...

    ReplyDelete
    Replies
    1. සරසවියෙ තිබ්බ ලොකූ...
      සතුටක් උදව්වක් වුණා නං
      ජය

      Delete
  7. එහෙම ගමක්,රටක් හදපු මිනිස්සු ඉස්සරත් හිටියා ඉදිරියටත් ඉදිවී.ලස්සන පොතක් වගේ.හැබැයි ඉතින් ඔය කර්තෘ ප්‍රකාශන එහෙම හොයා ගන්න එහෙම පොඩ්ඩක් අමාරුයිනේ.

    ReplyDelete
    Replies
    1. සරසවියෙ තියෙනෝ බලහං ටිකාක්
      අනිවා මනෝ... දුර්ලභ මැණික්... ඒත් නිසි වටිනකමක් නෑ...
      ජය

      Delete
  8. ජයවේවා මයියෝ ..ආයෙමත් ලියමු ....

    පියාඹා ඉහටත් උඩින් හැමගේ
    සිංදු කියනා කුරුල්ලනි අහසේ
    දුටුවාද ඔබ පයින් ඇවිදින
    වාරු නැති වුණ ගුරුතුමා ඔබගේ
    පර වෙලා නෑ පා පියුම් ඔහුගේ
    පියිඹා ඉහටත් උඩින් හැමගේ....

    නොපා වේවැල් කෝටු දෑතට
    නොදී වල් කොළ අතුට නිදි සුව
    දිවා රෑ දුන් ශිල්ප විකුණන සේ
    පියාඹා යති කුරුල්ලෝ අහසේ
    හිඳී ගුරු දෙවි කන්තෝරු මිදුලේ....

    නොදී නිදහන් ගරන මන්තර
    පිදී පිරිසිදු උතුම් ශිල්පය
    පතුරුවා එළි පහන් දස දහසේ
    නිවී යයි ඒ පහන තෙල් නැති සේ
    කුමට ඉර හඳ වුණත් ඔබ අහසේ...

    ගී පද - රත්න ශ්‍රී විජේසිංහ
    සංගීතය - රෝහණ වීරසිංහ
    ගායනය - නෙළුක දීමන්ත ලියනගේ

    ReplyDelete
    Replies
    1. වාව්..
      ඒක පට්ට...
      ලියමු සිංදුවෝ ඔන්න මං ස්ටාර්ට් එක අරං තියෙන්නෙ ඉතිරිය ඔබට බාරයි

      Delete
  9. හප්පේ! අවන්හලේ තියෙන මකුලු දැල් ගොඩ ;D
    මේ ටික කඩලා දාමු නේ මහේෂ් අයියා..

    අරං කියවන්ඩ ඕනි..
    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. හිමිහිට කඩමු නේ බොක්ක. ගන්න කියවන්න. සතුටක් මට
      ජයවේවා

      Delete
  10. දැන් ඉතින් මන් එකි මෙකි නොකි සියලු තැන් වල හොයන්නෙ අඩා මහත්තයා....

    ReplyDelete
  11. දැන් ඉතින් මන් එකි මෙකි නොකි සියලු තැන් වල හොයන්නෙ අඩා මහත්තයා....

    ReplyDelete
    Replies
    1. හා හා ඉතිං හෙව්වට කමක් නෑ නෙව මොකෝ මේ ඩබොල් වෙලා. හිහි

      Delete
  12. සීලරත්න සෙනරත් ඒ කාලේ මම ගොඩක් ආසාවෙන් සවන් දීපු කටහඬක හිමි කරුවෙක්...

    අර අම්බලන්ගොඩය කිව්වා වගේ පොත නම් ඉතින් කවද කියවන්න වෙයිද දන්නේ නැහැ...ඔන්ලයින් ඕඩර් කරන්න තියනවා නම් ගතහැකි...පිටරටවල ඉන්න අපිට, පොත් කියන්නේ ඉතින් හොයා ගන්න මහන්සි වෙන්න ඕනේ දේවල් නේ මහේෂ්...

    ඒ වුනාට මේ සටහනේ බොහොමයක් දේ ලියවිලා තියනවා...අපූරුයි...බොහොම ස්තුතියි...

    ReplyDelete
    Replies
    1. හැකියාවක් තියෙයි නං එවන්න බලන්නං. නැත්තං ගෙන්න ගන්න විදියක් කියන්නං. මේල් අයි ඩී එක දීල යන්ඩකෝ :-)

      Delete
  13. සීලරත්න සෙනරත් අපූරු නිවේදකයෙක්. දෙමළ බසත් හසුරුවනවා'

    කොහෙද බං ගිහින් හිටියේ. ආපහු කස්ටිය බහින එක ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. දෙමළ ඉගෙන ගත්තහැටි ගැන ඔහු මේ පොතේ කියල තියෙයි. අන්තිමට දෙමළ අයටත්වඩා දෙමළ ඔහුට කතා කරන්න පුලුවන් වුණාලු. :-D :-D

      දන්නැද්ද අරූ අයියා. ඉද හිටල සංක්‍රාන්ති කාල එනවනෙ.. හෙහේ. ආයෙ දිගටම මේ අහ බහින්නයි හිතං ඉන්නෙ
      සතුටක් ආපහු හමුවීම..
      :-) :-)

      Delete
  14. හොඳ විචාරයක්. මේ පර ලංකාවට අවොත් ගන්න ඕනේ.

    ReplyDelete
  15. ප්‍රවීන මාධ්‍යවේදි සීලරත්න සෙනරත් මහතාගේ ගුරුදිවිය අලලා අශෝක පියරත්න විසින් ලියූ ‘අඩා මහත්තයා‘ නවකතාව අද ජනගත කරනු ලැබුවා.
    ඒ සමග “අඩා මහත්තයා“ශ්‍රව්‍ය කෘතියත් (Audio Book) එළිදැක්වුණා.
    දැන් DIGI BOOK APP එක ඔස්සේ “අඩා මහත්තයා“ නවකතාවට ඕනෑම තැනක සිට ඕනෑම වෙලාවක ඕනම කාර්යයක නිරත වී සිටියදි ඔබේ ජංගම දුරකථනයෙන් සවන් දිය හැකියි.
    ඔබ කල යුත්තේ ඔබේ Android ජංගම දුරකථනයෙන් Google Play Store වෙත පිවිස DIGI BOOK APP එක නොමිලේ ඔබගේ ජංගම දුරකතනයට Download කරගැනීම පමණයි.

    උපුටා ගැන්ම https://www.facebook.com/Digibooklk/ වෙබ් පිටුවෙන්

    ReplyDelete
  16. https://www.facebook.com/Digibooklk/photos/a.997415850370056.1073741827.936900819754893/997410160370625/?type=3&theater

    ReplyDelete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. පහත ලින්කුව ඔස්සේ අඩා මහත්තයා පොත ශ්‍රවණය කිරීමට හැක

    https://www.facebook.com/Digibooklk/photos/a.997415850370056.1073741827.936900819754893/997410160370625/?type=3&theater

    ReplyDelete