Monday, July 20, 2015

ඉතින් සමුගනිමි මම ...

නොනිදයි නගරය
ඔබ උණුහුමට තුරුළු වී නිදන අතරතුර
ඔබද මාද ඇවිද ගිය මාවත්
නිශ්චලය බෙහෙවින්
ඉඳහිටක පමණක් විදුලි ඇස් දල්වා ගත්
මොටෝ රථයක් තනි මකයි මහ මඟ...

සඳ එළිය යට බැබළෙයි නගරය
නියොන් එළියට නොපරදින සඳකත් කිරණ
සිප ගනී තැන තැන ඔබ මා සිටි නොසිටි සැම තැන

සුසුමක් හෙළමි බරැති
අවසන්  වතාවටත් හැරී බලමි
හිත පුරා දැනෙන වේදනාව බදා වැළද
දුර ගමන් සේවා බසයකට අත දමමි
පැකිළුණ පයට සිතින් දොස් තබමි

හිස් අසුනක් සොයා ගොස්
හිඳ ගන්නට අවැසිය...
අවසන් ඡායා මාත්‍රයද මැකීයන නගරයක
එළිය අඳුර පිරි බිම් තීරය පසුවන තෙක්
මොහොතකට රැදී ඉමි.....






පිංතූරෙ ගත්තෙ මෙතනින්