Wednesday, December 31, 2014

2015 සුභ නව වසරක් වේවා..!!!

ලියා තබා ගන්න 
ඔබේ හදවතේ
අලෝකවත්ම කුටීරය තුළ
ඔබේ ප්‍රියතම වර්ණයන් ගෙන
එළඹෙනා සෑම දිනයක්ම
ඔබේ ජීවිතයේ
හොදම දිනයක්
බවට....



2014 කියන්නෙ මට නං පාර අයිනෙ ඉන්න ට්‍රැෆික් සාජන්ට් කෙනෙක් දැකල හැටට හැටේ පාගපු හෙල්මට් නැති බයික් කාරයෙක් වගේ.. හිතන්නත් කලිං ගිහින් ඉවරයි.. මට මතකයි සමහර වෙලාවල් වලට මම පොඩි පොඩි සිගිති ආතල් ගත්ත... හැම කෙනාම එහෙම කරන්න ඇති. නෑ කියන්න කාටවත් පුලුවන් කියල මම හිතන්නෑ... ඒ ඇරෙන්න  මම ඇත්තටම කියපු (මඩ වත් අපහාසවත් නෙවී පෝස්ට් ගැන මට ඇත්තටම හිතුණ දේ) සමහර දේවල් හන්ද සමහර අයගෙ හිත රිදුණ.. ඇත්තටම මම කාටවත් එහෙම අදහස් කරගෙන දෙයක් කියන්නෑ... මට හිතට දැනෙණ දේ අවංකවම කියනව.. එච්චරයි... තමන් දෙයක් භාර ගන්න විදිය අනුවයි හැම දේම වෙනස් වෙන්න... 

ඉතිං ඒ පහුගිය කතා  වලට යන්න කියල සුපුරුදු පරිදි මගේ හය්යෙන් ඔයාලගෙ පෙට්‍රල් වලින් මේ ගමන යන්නයි මගෙ බලාපොරොත්තුව...  නම් වශයෙන් කියන්න බැරි වුණත් මගෙ වියුණු සටහන ආරම්භයේ ඉදලම මා එක්ක හිටපු හැමෝටම බොහොමත්ම ස්තූතියි... මාත් එක්ක මේ කෙටි කාලය පුරාවටම හිටිය වගේ ඉස්සරහටත් ඉන්න කියල මම ආරාධනා කරනව... 

2015 නව වසර ඔයාලට වගේම ඔයාලගෙ පවුල් වල අයටත් අත මිට හිග නැති කුසගිනි නොම ඇති එළවළු හාල් පොල් පෙට්‍රල් ගෑස් මදි නොකියන්න ලැබෙන 
කෙල්ලො නැති කොල්ලන්ට කෙල්ලො හම්බෙන 
කොල්ලො නැති කෙල්ලන්ට කොල්ලො හම්බෙන
ගල් ඕන උන්ට ගලුත් පොල් ඕන උන්ට පොලුත් අඩු නැතිව හම්බෙන 
ශ්‍රී සුභ නව වසරක් වේවා.............!!!!!! 

36 comments:

  1. සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඔබ තුමන්ටත් එසේම වේවා....
      ජයෙන් ජයම වේවා....!!!

      Delete
  2. Replies
    1. වයා කොලුවටත් එසේම වේවා....
      ජයෙන් ජයම වේවා....!!!

      Delete
  3. සුබ නව වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. තුශානි ටත් එසේම වේවා....
      ජයෙන් ජයම වේවා....!!!

      Delete
  4. සාමය, සතුට, සෞභාග්‍යය සපිරි සුභ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. අශාන් මලය ටත් එසේම වේවා....
      ජයෙන් ජයම වේවා....!!!

      Delete
  5. සේරම ජාති පිරී ඉතිරී ගිය සුභ නව වසරක් වේවා, අවන්හලටත් එහි වැසි සැමටත්.

    ReplyDelete
    Replies
    1. එලම තමා මදාවියො...
      බොලාටත් ඒ ආකාරයෙන්ම වැහි වහින්ට ඕන.......

      ජයෙන් ජයම වේවා....!!!

      Delete
  6. සුභ නව වසරක් වේවා..

    බ්‍රෑන්ඩ් එක ගල්

    -ස්තුතියි -

    ReplyDelete
    Replies
    1. මෙන්ඩ ටත් එසේම වේවා...
      තව තව බ්‍රා හදන්න හැකි වේවා

      බයිට් එකට නැට්ට කොටා

      Delete
  7. මහේෂ් මල්ලීට හා පවුලේ සෑම සියලු දෙනාට, ප්‍රීතිමත් හා ධන සම්පත් වලින් පිරි නව වසරකට ආසිරි!

    ReplyDelete
    Replies
    1. රයිගම් අය්යටත් එසේම වේවා
      ජයෙන් ජයම වේවා

      Delete
  8. Replies
    1. ඔබ තුමාටත් හසේම වේවා
      ජයවේවා

      Delete
  9. 2015 වර්ෂය සියලු සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුභ නව වසරක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. මානා ටත් එසේම වේවා හැමදාම සතුටින් ඉන්න ලැබේවා
      ජයවේවා

      Delete
  10. පැතුම් ඉටු වන - සිනා පිබිදෙන සුබ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. කුරුට්ටි ටත් එසේම වේවා
      ජයෙන් ජයම වේවා

      Delete
  11. සියළු පැතුම් ඉටුවෙන සුබ නව වසරක් වේවා !!

    ReplyDelete
    Replies
    1. මධුරංග අය්යටත් එසේම වේවා
      ජයවේවා

      Delete
  12. 2015 සුභ වේවා.. බ්ලොග් එක හැඩ කරන්න ඉඩ කඩ වැඩි වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කළන
      ඔබටත් සුභ නව වසරක් වේවා
      ජයෙන් ජයම වේවා

      Delete
  13. සුභ සුභ නව වසරක් මචං...
    මේ ලැබූ නව වසරේ දැකුළු මල් පිපීන්න නොදී ෆුල් ආතල් එකේ බ්ලොග මේන්ටේන් කරන්න ලැබේවා කියලා ඉත සිතින් පතමි! :) :)

    ReplyDelete
    Replies
    1. බොලා මට කියාපුව ආපහු බොලාටම කීව කියල හිතාගන්
      හිහි
      තනි යටත් සුභම සුභ අළුත් අවුරුද්දත් වේවා
      ජයෙන් ජයම වේවා

      Delete
  14. අවන්හලට ආවේ ගොඩ කාලෙකින් ... හිතන දේවල් හරියන , වැඩි වැඩියෙන් අදහස් ගලා එන සුබ අලුත් අවුරුද්දක් වෙන්න ඕන ...

    ReplyDelete
    Replies
    1. පුලු පුලුවන් වෙලාවට එන්ට
      ඔබටත් සුභ නව වසරක් ධනුෂ්

      Delete
  15. අලුත් අවුරුද්ද සුබ වේවා ...
    ජය

    ReplyDelete
    Replies
    1. හම්මේ සහෝ දර ව දැක්ක කල්
      මක්කැයි වුනේ බොලාට ලියන්නෙ නැද්ද දැං
      ඈ........
      සුභ නව වසරක් වෙවා අලුතෙන් බ්ලොග් ලියන්න හිත පහල වේවා

      Delete
  16. මහියෝ.. ඔයාටත් පවුලෙ හැමෝටමත් සුබම සුබ නව වසරක් වේවා!!

    ReplyDelete
    Replies
    1. උඹටත් එසේම වේවා මනෝ
      ජයෙන් ජයම වේවා
      මොකෝ ලිවිල්ල නවත්තලාද

      Delete
  17. බොටත් ඔය කියපු ජාති වලින් නැති ජාතියක් හමුවෙන වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. හිහි මට ඔය කියපුවැන් සෑහෙන දෙයක් තාම නෑ නෙව
      හිහ
      සිරා අය්යටත් එසේම වෙන්ට ඕන
      ජයෙන් ජයම වේවා

      Delete
  18. සුභ නව වසරක් වේවා.

    ReplyDelete