Wednesday, September 10, 2014

වරද...

අලුත් වැස්සකට හිත පුරා
ගත තෙමාගත් බොල් පොළව
දිය කඩිති මඩ කඩිති ගත පුරා තියාගෙන
ආකාසෙට හිනාවෙන වෙලාවක
හිතේ හැටියට අයිස් වැහි  වතුරෙන්
සල්ලි නොගෙවම නාගත්ත
කුසුමා ඔති ගෙ කැහැටු කොල්ල අපේ ගේ ඉස්සරහ
වෙව්ල වෙව්ල හිනාවීගෙන
ආ.. මූ නේද අර සයිමගෙ කොටුවෙ
මයියොක්ක හාරල අහුවුණේ
හොර හැත්ත ...
මොන විජ්ජුම්බරයක් කොරයිද දන්නෑ
ඇහැ ගහං ඉන්න වෙයි
හිත එහෙම කියද්දි  ඇස් විමසිල්ලෙ ඉදිද්දි
තාවර වෙවී තෙපර බබා යාප්පුවෙන්
ඉල්ල ගත්ත පරණ වෙච්ච ඉටි රෙද්දකුත්
තුරුළුකොර ගෙන ආපු අහටම පියෑඹුව
රටක් රාජ්ජයක් හම්බවුණා වගෙ
උං හිටපු ගේ කඩං වැටිලලු වැස්සට
පොඩි එකාව මුවා කරන්න වෙන්නඇති
අත්තම්ම එහෙම කියාගෙන ගෙට ගියා

අම්මට කතා කරල රෑට මෙහෙ 
ඉන්න හරිගස්සල දෙන්න ඕන
පව් පොඩි උං....



50 comments:

  1. පව් පොඩි එකා.... පවිත්තරා ඇන්ටිට බනින්න එපා පව් නේ... :D

    ReplyDelete
    Replies
    1. පොඩි උං ඔක්කමපව් බං...
      අපූ නෑ කව්ද එයාට බැන්නෙ ඒම කියන්නවත් එපා... මං හරි තන්තෝසෙන් එයාව මතක් කලා විතරනෙ
      හිහි

      Delete
  2. හි හී කට්ටිය පවිත්තරා ඇන්ටිට හරි ආදරෙයි නේහ්.

    නිර්මාණය ලස්සනයි මහේශ්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තනූජා...
      ලංකාවෙ මිනිස්සු වැඩිපුරම ආදරේ එයාට ලු නෙව

      Delete
  3. අනර්ඝයි!!!
    අපි හුරු වෙලා තියෙන්නෙ එක වරදක් වුනොත් හැමදාම ඒ වරද කල පුද්ගලයා ජීවිතයේ ඉතිරි මුලු කාලයම වරදකරුවෙක් විදහට දකින්න.

    ReplyDelete
    Replies
    1. ඇත්ත අපි අපිව වෙනස් කරගන්න කැමති නෑ... ඒක හදාගන්න ඕන දුර්වලතාවයක්..

      ස්තූතියි වී

      Delete
  4. හ්ම්ම් ... වැස්ස මිනිස්සුන්ගේ අමාරුකම් දන්නේ නෑනේ

    ReplyDelete
    Replies
    1. ඒකනෙ...
      ඒත් මිනිස්සුන්ට තේරෙනවනෙ...සංවේදී වෙන්නැනෙ..
      ්කනෙ අවුල

      Delete
  5. හිතන්න ගොඩක් දේවල් ඉතුරු කරල තමයි නවත්තල තියෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. එ්ත් හුගක් අය එතනිං හිතනෙක නවත්තනවනෙ උමේෂ්... ඒකනෙ අවුල...
      හුග කාලෙකිං දැක්කෙ...
      දැං ලියන්නෙ නැතෙයි

      Delete
  6. මැවිල පේනව මචෝ සිද්ධිය, නිර්මාණය කදිමයි. ඒ වගේම අවන් හලේ අලුත් බෝඩ් එකත් නියමයි.

    ReplyDelete
    Replies
    1. ෙදකටම ස්තූතියි ඈ....
      ගොඩක්ම ස්තූතියි....

      Delete
  7. නිර්මානය අගෙයි මහේෂ්....

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies

    1. ස්තූතියි විදානෙ..
      ජයෙව්වා

      Delete
  8. ඇත්තටම වරද කාගෙද?? :(

    මම හොල්මන් වෙලා පවිත්‍රා ඇන්ටිව හොයනවා. :)

    ReplyDelete
    Replies
    1. නැවතිල්ලෙ හිතල බැලුවොත් වරද කාගෙද කියල හිතෙයි... :)
      හා හා... එයාව හොයන්න යන්න එපා...
      හිහි

      Delete
  9. නිර්මානේ නම් ලස්සනයි මචෝ..

    සත්‍ය කතාවක් ඇසුරෙන්ද කියලත් වෙලාවකට හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විභීෂන...
      පිංතූරෙ ඇසුරෙන් කරපු සංකල්පනාවක් පමණයි...
      සමහර විට කොහෙ හරි මේකට සමාන සිදුවීමක් වෙලා ඇති...
      කව්ද දන්නෙ

      Delete
  10. මේ දවස්සල පවිත්‍රාව හොයාගන්න නං ඌව පළාතේ යන්න වෙයි.

    ReplyDelete
    Replies
    1. එහෙත් නෑලු අනේ...
      හිහි

      Delete
  11. පින්තූරෙත් එක්ක කවි ටික නියමෙටම හිතට වදිනවා..

    ReplyDelete
  12. ලස්සනෝ..

    කවුද බං බොට මේ පාට පාට කිස් ටික දුන්නෙ.... :D

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සංචාරක....
      මගෙ ගැල්ලමය බං... ඉට පස්සෙ කීව මට නෙවීලු බ්ලොග් එකටලු.. ඔන්නමෙතන දැම්ම
      හිහි

      Delete
  13. හරිම සන්වේදී නිර්මාණයක්.

    ReplyDelete
  14. වැස්සෙන් වගේම සමජෙනුත් බැට කන්නේ නැති එකාමයි

    ReplyDelete
    Replies
    1. නැති කමට වඩා දුර්වලතාව හින්දයි හැම අතින්ම පොඩි ට්ටං වෙන්නෙ සොමී... නැති බැරි වුණත් හිතේ හය්ය තියේ නං වට්ටන්න කාටවත් බැ...

      Delete
  15. නියමයි. දුකයි නමුත් ඇත්ත මේක තමයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අගය කළාට...
      ඇත්ත නිතරම තිත්තයි නැද්ද රාජ්

      Delete
  16. නියමයි මහියා.අයිස් බකට් නාන්න කලින් හිතන්න යමක්

    ReplyDelete
  17. ඇත්තටම වරද කාගෙද ?
    සොබාදහමෙද?අසරණකමේද?
    අදහස පට්ට මචෝ


    ReplyDelete
    Replies
    1. ළග ළග හිතුෙවාත් වැරැද්ද ඒ කියපු දෙකේ කියල කියන්නත් පුලුවං...
      ඒත් ටිකක් නැවතිල්ලෙදුරට හිතල බැලුවොත් වෙනසක් කරන්න හැකි වෙයි...

      ස්තූතියි මාව අගය කලාට.... ජයවේවා

      Delete
  18. එලකිරි ...බොගිය වෙනස් වෙලා නොවෑ ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දොඹේ...
      ටිකක් විතර වෙනස් කරන්න හිතුණ...
      ජයවේවා

      Delete
  19. හොයාගෙන ආවා අවන්හලට...ෂා..ෂා එල ද බ්‍රා නිර්මානයක්..සිරා කිව්වා වගේම ගොඩක් දේ තියනවා අවන්හලේ එහනම්
    බ්‍රැන්ඩ් එක ගල්
    -ස්තුතියි-

    ReplyDelete
    Replies
    1. මොකද මෙන්ඩො වෙලා තියෙන්නෙ....
      කවදාවත් ආවෙ නෑ වගේ හිහි..
      ස්තූතියි අගය කලාට....

      බයිට් එකට (රට)කජු

      Delete
    2. එලද බ්‍රා මේ ඉන්නෙ කොල්ලා ඇවිල්ලා....හැලි බොරේන්ජ් ඩිංගිත්තක් බොමුද බැදපු හුරුල්ලෙක් එක්ක....

      Delete
    3. බැදපු හුරුල්ලො එක්ක හැලිබොරේන්ජ්...
      ඊට හොද නැද්ද හරක් මස් එක්ක මාස් මෙලෝස්..
      හිහි

      Delete
  20. පොඩි එකා අයිස් බකට් නෑවා කියලා බොලා සැවටුනා නේද...හක හක....අපේ නෙත් සමහර වෙලාවට අපිට පෙන්වන්නෙ මතුපිටින් පේන දේම නෙමෙයි...ටිකක් ලං වෙලා විමසිල්ලෙන් බැලුවාම ඇත්ත පේනවා....

    ReplyDelete
    Replies
    1. එ්ක අැත්ත සිරා අය්යෙ බොහෝ වෙලාවට අපි දකින දේත් ප්‍රතික්ෂේප කරනව...
      මොකක්හරි හේතුවක් හදන් ඒ හැටි වෙන්නැ

      Delete
  21. දෙතුන් සැරයක් කියෙවුව අද නම් මට තේරෙන්නැ මේ කියන දේ.. මගෙ හිතේ අවුලක්ද මන්දා.. :-(

    ReplyDelete
    Replies
    1. හිතන්න තරං ෙලාකු දෙයක් නෑ ෙනව දිනිති අක්ක බෝම සරල කතාවක් නෙව මං කියල තියෙන්නෙ...

      Delete