Tuesday, August 5, 2014

ඔබේ ජංගම දුරකථනය සදහා හොදම ඇන්ඩ්‍රොයිඩ් යෙදවුම් කීපයක්... The Best Android apps for your Mobile

                                                                      හප්පේ...... ෆෝන් කට්ටක් එක්ක ඔට්ටු වෙවී ඉදල මම වින්ද දුකක්.. රූට්(Root) කරනව කියනෙක මෙච්චර අවුල්ද අය්යෝ... ඒත් තාම රූට් කරගන්නත් බැරි වුණා. කොච්චර ෂෝක්ද නේ... මේ පාර ස්මරණ නොලිය ඒකට ඔට්ටු වෙවී හිටිය. මොනා කරන්නද නේද... ඒ අව්වස්සෙ කොහොම හරි පෝස්ටුවක් කොටන්න කියල තමා මේ ට්‍රයි එක... අද නං අවන්හලෙන් දෙන්නෙ කතාවක් වත් කවියක් වත් වෙන දෙයක් වත් නෙවෙයි.. හුදී ජන හිතසුව තකා ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරන රසික සහෘද ජනතාවට වැදගත්ම වෙන ඇන්ඩ්‍රොයිඩ් යෙදුම්  (Android app)කීපයක්... ඒ වගේම මේ සියළුම ඇන්ඩ්‍රොයිඩ් යෙදුම් මම පාවිච්චි කරල සහ දැනටත් මම පාවිච්චි කරන ඇන්ඩ්‍රොයිඩ් යෙදුම්. ඒ හන්ද මේ එකක් වත් වෛරස් හෝ නුවුමනා යෙදුම්(Unwanted Apps) නොවන බව කියන්න ඕන.


                                                                    මෙම සියළුම ඇන්ඩ්‍රොයිඩ් යෙදුම් ඔබේ දුරකතනයට ස්තාපනය (Install) කරගන්නට නම් කළ යුතු කාර්යයක් තිබෙනව.  ඔබේ දුරකතනයේ සැකසුම්(Settings) වෙත පිවිස පහත ආකාරයට එහි සැකසුම් වෙනස් කරගන්න. (එමගින් දුරකතනයට හානියක් හෝ එහි පැවැත්මට ගැටළුවක්  නොවන බව සහතික කළ හැකියි)

Settings>Security> Unknown Sources යන්න ඉදිරියේ ඇති කුඩා කොටුව(Check Box) මත එබීමෙන් (Click) එය සිදුකළ හැකියි.
හොදයි අපි දැන් බලමු මොනවද මේ යෙදුම් කියල...

Smart Launcher 2.7.4
                                                                     



                                                                           ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දතියක් සහිත ජංගම දුරකථනයක් භාවිතා කරන්නෙකු වශයෙන්ඔබ දැනටමත් දන්නා කාරණයක් තමයි ඇන්ඩ්‍රොයිඩ් සදහා නොකියා(Symbian) සෝනි එරික්සන්(java) වැනි මෙහෙයුම් පද්ධතීන්ට පැමිණි ප්‍රාකෘතින්(Theme) නොලැබෙන බව.  ඇන්ඩ්‍රොයිඩ් හිදී එය Launcher ලෙස ලැබෙන්නක්.දැනට නොමිලේ ලභා දෙන Launcher  රාශියක් ඇන්ඩ්‍රොයිඩ් වෙළදපළෙහි දක්නට ලැබුණද ඒවායින් බොහෝමයක් අධික ලෙස දුරකථනයේ මතකය මෙන්ම Ram  එකද භාවිතා කරන වේ. එහෙත් මේවායින් බොහෝමයක් පරිශීලකයාගේ තෘප්තිය නොසංසිදවන ආකාරයේ යෙදවුම් වේ. නමුත්  කුඩා ඉඩ ප්‍රමාණයක් ලභාගන්නා එසේම වැඩි පහසුවකින් යුත් සරල යෙදවුමක් ලෙස Smart launcher හැදින්විය හැක. මෙහි මූලික සංස්කරණයක් මෙන්ම මුදල් ගෙවා ලභාගන්නා සංස්කරණයක්ද පවතිනවා. පහසු භාවිතය සරල බව මෙන්ම අඩු ඉඩ ප්‍රමාණයකින් පරිශීලක අතුරු මුහුණත (User Interface)  අලංකාර කරගැනීමට හැකිවීම සේම මෙහි වන වේගයද අන් යෙදවුම් වලට සාපේක්ෂව ඉහල අගයක් ගන්නවා. මෙහි පහසුකම් හා අනෙකුත් සැකසුම් පළිබද කතා කිරීමට මට බලාපොරොත්තුවක් නෑ. පහත සදහන් සබැදියන් හරහා ඔබට අවශ්‍ය තොරතුරු සේම ඇන්ඩ්‍රොයිඩ් යෙදවුමද ලභා ගත හැකි වෙනවා.


Smart launcher pro-Buy from Google play

Smart launcher pro- Download from Awanhala

ASTRO File Manager with Cloud 1.0.1
                                         
 Astro File Manager යනු දැනට ලොව වැඩිම භාවිතාවක් සහිත මුදල් ගෙවා ලභා ගත හැකි ඇන්ඩ්‍රොයිඩ් යෙදවුමක්. ඔබේ දුරකථනයේ ගබඩා කර ඇති දත්තයන් වෙත පහසුවෙන් පිවිසීම ඒවා අවශ්‍ය පරිදි බාවිතය(copy,move,share,play, and etc) මෙන්ම අනාගත සුරක්ෂිත තාවයන් සදහාGoogle Drive,Drop box,One Drive වැනි සේවාවන් වෙතට උඩුගත(Upload) කරන්නටද ඔබට පුළුවන්. මෙහි ඔබේ දුරකථනයට ලැබෙන සාමාන්‍ය File Manager  යෙදවුම මෙන් නොව පහසුකම් රැසකින් යුක්ත ක් ලෙසට හැදින්විය හැක.





All-In-One Toolbox (29 Tools)5.0.1(47)

                                         

All in one tool box යනු විවිධාකාර වූ ප්‍රයෝජනවත් යෙදුම් 29 කින් යුත්  කුඩා ඇන්ඩ්‍රොයිඩ් යෙදවුමක්. මෙහි ඇති Plugin මගින් ඔබට අවශ්‍ය බොහෝ කාර්යයන් ඉටුකර ගත හැකියි. මතකයේ එකතු වෙන කසල ගොනු(junk Files) ඉවත් කිරීම දුරකතනය වේගවත්(Speed up phone) කිරීම සහ Tool box මගින් තවත් බොහෝ වූ කාර්යයන් ඉටුකර ගත හැකියි.  දැනට ඇන්ඩ්‍රොයිඩ් වෙළදපළේ මෙහි මුදල්ගෙවා ලබා ගන්නා සංස්කරණය ඇතුලත්ව නෑ. නමුත් ඔබට අවශය නම් අදාල යෙදවුම හරහා එය මිළදී ගත හැකියි. නැතහොත් මා විසින් ලබා දෙන ලබාගෙන Premium version යෙදවුම  ඔබේ දුරකතනයේ ස්ථාපනය කොට භාවිතා කළ හැකියි.

All in one tool box -from Google play

All in one tool box -Download from Awanhala


Docs To Go 4.000
                                     
 Docs to go යනු pdf පහසුකම සහිත office suite යෙදවුමක්. මෙහිද මුදල් දී ලබා ගත හැකි සංස්කරණයක් සේම නිදහස් යෙදවුමක් ද පවතී. නමුත් එහි මුදල් දී ලබා ගන්නා සංස්කරණය තරම් පහසුකම් ඇතුලත්ව නොමැත. ඔබේ එදිනෙදා කාර්යාල කටයුතු කරගැනීමට මෙන්ම ඒවා යළි සංස්කරණය(Edit) කරගැනීමට බෙදා ගැනීමට(Share) හා ගොනු කියවිය හැකි ආකාරයේ ඇන්ඩ්‍රොයිඩ් යෙදවුමක්. එසේම ඇන්ඩ්‍රොයිඩ් වෙළදපළේ ඇති කුඩාම මෙන්ම වේගවත්ම ඇන්ඩ්‍රොයිඩ් යෙදවුමක් ලෙසද මෙය හැදින්විය හැකියි. අන් office suite යෙදවුම් හා සමානවම ඒ පහසුකම්ද මෙහි නොඅඩුව ඇතුලත් බැවින් ඔබට වෙනත් යෙදවුම් භාවිතා කර දුරකථනයේ මතකය අඩු කරගැනීමේ  අවශ්‍යතාවක් නෑ.


Docs to go premium-Buy from Googleplay

Docs to go premium-Download fromAwanhala


K-@ Mail Pro - Email App 1.5.10
                                                   
   K @ Mail යනු පහසුවෙන් භාවිතා කළ හැකි හොදම Mail Client  යෙදවුමකි. ඔබේ EMail ගිණුම් කීපයක් තිබුණද ඒ සියල්ලම එක වර Sync වන ආකාරයට මෙයින් Settings සැකසිය හැකි වීම මෙහි ඇති විශේෂත්වයයි. එබැවින් ඔබට ඒ ඒ සේවාවන්ට අදාල යෙදවුම් ස්තාපනය කරමින් දුරකතනයේ මතකය අඩු කර ගැනීමට හෝ දුකරථනය මන්දගාමී කරගැනීමට අවශ්‍ය නැත. එකම යෙදවුමක් තුලින් ඒ සියල්ලම එක වරම ඔබේ දුරකතනයට සැණෙන් ලබා ගැනීමට මෙම යෙදවුම හා ඔබට හැකියාව ඇත..එසේම අවශ්‍ය පරිදි අවශ්‍ය Email ගිණුමෙන් සියළුම පහසුකම් භාවිතා කරමින් ඕනැම පුද්ගලයෙක් වෙත හෝ කණ්ඩායමක් වෙත සැනෙන් විද්‍යුත් තැපැල් යොමුකිරීමට හැකි නිසා නිතරම පරිඝණකය භාවිතා කිරීමට ද අවශ්‍ය නැත.

K @ Mail pro- Basic version

K @ Mail pro-Buy from Google play

K @ Mail pro-Download from Awanhala


පසු සටහන-ඇන්ඩ්‍රොයිඩ් යෙදවුම් ගණනාවක් පිළිබදව පැවසීමට සිතා සිටියත් ලිපිය දිගු වීම නිසා එය යෙදවුම් පහක් පමණක් ඉදිරිපත් කර නැවැත්වීමට සිදුවූවා... ඔබේ කැමැත්ත මත පමණක් අවශ්‍යය නම් ඉතුරු ඇන්ඩ්‍රොයිඩ් යෙදවුම් පිළිබදව පැවසීමට මා අදහස් කරනවා.. බොහෝ අය මෙවන් ලිපි පිළිබද අමනාපයක් දැක්වීම ඊට හේතුවයි...



44 comments:

  1. මගේ ඇන්ඩ දුවන්නේ 2099 යේ ඇප්ස් වලින්.. හැක්..

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක්..
      හොදයි ොදයි

      Delete
  2. මගේ ඇනරොයිඩ් එකට Nokia 11OO කියල තමයි කියන්නේ.. 2006 ගත්තේ.. ඒකේ සෙටිංස් වල ඔය කියන ඒව්වා නෑනේ.. ඇයිද දන්නෑ.. කොම්පැනි කථාකරොත් හරියයිද.. මට පිස්සු වගේ.. තාම ඒකේ ටෝච් එක පත්තුවෙනවා.. ඒ හින්දා මං හිතන්නේ පොන් එකේ වැරැද්දක් නැතුව ඇති.. අනිත් හොදම දේ තමයි ඒකෙන් කොල් ගන්නත් පුළුවන්, SMS යවන්නත් පුළුවන්.. මං අහන්නේ මනොෂ්, මට ඇඬෙනවා.. උඹ කියන ඒවා නැතුව කෝල් ගන්නයි SMS ගහන්නයි බැරි වෙයිද.. මං බොහොම කනස්සල්ලට පත්වෙලා ඉන්නේ....
    මට තවත් ලියාගන්න බෑ.. හද වෙව්ලනවා...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. හැබැ‍යි විදානයෝ මොන ඩ්‍රොයිඩ් ආවත් උඹ අතේ ඔය තියෙන ඩ්‍රොයිඩ් එකට ගහන්න එකක්නම් නෑ, එකෙන්ම.

      Delete
    2. විදානේ උඹ නං :D :D

      Delete
    3. @විදානෙ...
      මං ටූ කනව යකෝ..................
      ඔව් ඉදගෙන

      Delete
    4. @රෙහානි...
      ඕක මහ මරුමුසා බලාගෙන..

      @මනෝ..
      ඒක නං ඇත්ත...

      @ඩූඩ් අය්ය
      මොකේ මේ වව්ලෙක් වගේ වෙනතැනක එල්ලිලා
      හෙක් හෙක්

      Delete
  3. යකෝ උඹයි මායි දෙන්නම එකම බෝට්ටුවේනෙ බොල. උඹට කියන්න පහුගිය දවස් ටිකේම මාත් ඔට්ටු උනේ ඔයවගේ කේස් වලට තමයි. ඒක ඉතින් දන්නෝ දනිති. නිමෝට එහම පුදුම වදයක් දුන්නෙ මං. මේ පහුගිය සති තුනේදි උඹට කියන්න මං ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් හතරකට මාරු උනා. දැන්නම් යන්තම් ගොඩ. පුදුම සනීපයක් දැනෙන්නෙ.

    දැන් උඹට රූට් කරන එකද ප්‍රශ්නෙ.? මෙන්න මට හම්බුන සාර්ථකම විසඳුම. කරල බලපන් මේකෙ තියෙන විදියට. අනිව හරියන්නෝනි. මං සාර්ථක ඵල නෙලාගත්ත මේ ඇප් එකින්.

    http://www.itdanuma.com/2014/06/glaxy-s-duos.html

    ReplyDelete
    Replies
    1. මං බලන්නං තෑන්ක්ස් මචෝ....
      සිරාවටම පට්ට තෑන්ක්ස්

      Delete
  4. ආයෙ කැමැත්ත්ස්ක් ගැන අහනවා. දාපන් යකෝ දන්න කියන වටින ඇප් සේරම.(හැබැයි ෆ්‍රී ඩවුන්ලෝඩින් ඒව දාපන්, මොකද ජ්‍යාත්‍යන්තර බැංකු ගිණුම්, පේපැල් අනං මනං නෑ අපිට.)

    ReplyDelete
    Replies
    1. මේ ඔක්කම අවන්හල ඩවුන්ලෝඩ් ලිංක් ප්‍රෝ වර්ෂන් වුණාට සල්ලි ඕන නෑ මචෝ...

      Delete
  5. ටැංකිව් වේවා...! මනොෂ් දීපු ලින්කුවටත් යන්ට ඕන

    ReplyDelete
    Replies
    1. ප්‍රයෝජනයක් වුණා නම් මට සතුටක්

      Delete
  6. Smart launcher එකනං මට හරි ගියෙ නෑ..
    ඉතුරු ටිකත් දාපං..

    ReplyDelete
    Replies
    1. මං එහෙනං වෙන එකක් දෙන්නංකො...
      හිහි

      Delete
  7. මම නම් දුරකථනය එක්ක ආව ඒවාට අමතරව තවත් සීමිත ප්‍රමාණයක් තමයි දාගත්තෙ...සිංහල බලන්න බැරි ගැටලුවක් තිබුනා...මේක රූට් කලොත් වගකීම අවලංගු වන නිසා එය කලේ නෑ...ඔපෙරා මිනි බ්‍රවුසර් එකෙන් ඒක ගොඩ දාගත්තා.

    ReplyDelete
    Replies
    1. සිරා අය්යෙ ඔපෙරා වලට වඩා හොදඇප් එකක් තියේ සියළු...
      ඕන විදියකට ඕන වැඩක්

      Delete
    2. කියපංකො ඒ මොකක්ද කියලා....මම දැනට ඔපෙරා එකෙන් තමයි සිංහල කියවන්නෙ

      Delete
    3. සියළු කියන්නෙ ඒකෙ නම...
      https://play.google.com/store/apps/details?id=com.pahans.siyalu&hl=en
      ඔයාට වැදගත් වෙයි ඒක සිංහල කියවන්න කිසිම ප්‍රශ්නයක් නැතිව...
      ආයෙ මොනවත් සෙටිංස් හදන්න ඕනත් නෑ
      ඒක නෙවී මොකද්ද ඔයාගෙ ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් එක...
      සමහර විට ඹීට වඩා දෙයක් කරන්න පුලුවන් වෙයි

      Delete
    4. මගෙ තියෙන්නෙ කිට්කැට්...අලුත්ම එක

      Delete
    5. මම ඒක දාගෙන බැලුවා...නියමයි...හොද වේගයකුත් තියෙනවා...ස්තූතියි බං...

      Delete
    6. සිරා අය්යෙ කිට් කැට් වල සිංහල පෙන්නනව...
      ආයෙ වෙනම බ්‍රව්සර් ඕන නෑ නෙ..
      ක්‍රෝම් වුණත් එහෙම අවුලක් වෙන්න විදයක්නෑ...
      අනේ මංද මට නං තේරෙන්නැතෝ

      Delete
    7. අහන්න අමතක වුණා...
      හෙළකුරු දාල බැළුවෙ නැද්ද සිංහල ටයිපින් පුළුවන්ද කියල...
      ඇයි දන්නවද මං එහෙම අහන්නෙ
      ජෙලිබීන් වලට පස්සෙ ආපු හැම එක්කම ඕන ලැංවේජ් එකක් පෙන්නනව ඒකයි

      Delete
  8. එල එල, බලමු ඇන්ඩ්‍රියිඩ් එකට ට්‍ර්යි එකක් දාලා..

    ReplyDelete
  9. එල එල බන් ඔවා තියෙන ෆොන් කට්ටක් ගත්ත දවසක බලමු ,....

    ReplyDelete
  10. මගේ තියෙන්නේ වින්ඩෝස්. කරුමේ තමා. උන් 8.1 නිකං දෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම වින්ඩෝස් ඇරං සෑහෙන අය අමාරුවෙ වැටිල තියේ මොකද 8 හොද වුණාට 8ග1 නැතිව වැඩ කරන්න බෑ... ඒකත් හරි කියමුකො.. පෝන් එකට සල්ලි දීල ආයෙ ඕඑස් එකටත් සල්ලි දෙන්න වෙන එකනෙව දිරව ගන්න බැරි...

      නැත්තං ඇත්තටම ඇන්ඩ්‍රොයිඩ් වලට වඩා හොද වින්ඩෝස්

      Delete
    2. ඒ උනාට වින්ඩෝස් වලින් නොකියා හිතපු ගමන යන්න බැරි උන නිසා තමයි ජාමෙ බේරගන්න උනුත් දැන් ඇන්ඩ්‍රොයිඩ් වලට බැහැලා තියෙන්නෙ.

      Delete
    3. ඒත් නොකිය එක්ස් සීරිස් එක ෆෙල් පෝන් ට්කක්..
      වැඩකටම නෑ...
      මගෙ යාළුවෙක් අරන් හිටන් අමාරුවෙ වැටුන.. අපරාදෙ සල්ලියක් ඒක ගන්න එක නං...
      කොහොමත් උන්නෙ වින්ඩෝස් ෆෝන් සීරිස් එක හොදයි... ඇන්ඩ සෙට් එකට වඩා...

      Delete
  11. මගෙ පෝන් කටුවෙ මේ මොන එකක්වත් කරන්න බැහැනෙ :( අපේ මල්ලිටනම් මේ ටික මසුරං වගේ වුනා.

    ReplyDelete
    Replies
    1. අහ් එහෙමද...
      ඇන්ඩ්‍රොයිඩ් නෙමේද...
      මලයට හරි වැඩක් වුණා නෙව...
      හිහික්

      Delete
  12. අනේ මන්දා
    රසද ඇන්ඩ්ඩොයිඩ්

    ReplyDelete
    Replies
    1. හප්පේ සෑහෙන්න සසයි නෙව..
      ඇයි අකමැතිය

      Delete
  13. මට ඇන්ඩ්‍රොයිඩ් අයිටම් නැති නිසා මේවා ටික දැනට වැඩක් නැතිවෙයි.. කවදාහරි ඇන්ඩ්‍රොයිඩ් අයිටම් එකක් ගත්තොත් ඕන වෙයි !!!

    ReplyDelete
    Replies
    1. එතකොට මෙව්ව මීට වඩා අප්ග්‍රේඩ් වෙලා තියෙයි
      හිහි

      Delete
  14. යන්තම් හලෝ කිවුවම හලෝ කියල ඇහෙන මොබයිල් කට්ටක් මගෙ තියෙන්නෙ ඉතින් කොහේ අතහදා බලන්නද..? :-(

    ReplyDelete
    Replies
    1. හිහි..
      කමක් නෑ නෙව...
      කවද හරි දවසක මේ සම්බන්ධව උදව්වක් ඕන වුනොත් කියන්න..

      Delete
  15. එන්න නම් ටිකක් ප්‍රමාද වුනා ... තොරතුරට තැන්කු..

    ReplyDelete
    Replies
    1. ප්‍රමාද වුණත් ආව නෙව...
      උදව්වක් වුණා නම් සතුටක්

      Delete