Friday, June 27, 2014

හැඩකාර යක්ෂණී...

                                                                     
කතාවට වගේ කියනව නෙ අපි ආදරේ අය අපිට ආදරේ නෑ කියල.. ඒ වගෙම තමා අපි ආදරේ කරන අය වුණත් වෙලාවකට අපිව තේරුම් ගන්නෙ නෑ. ඉතිං කොච්චර ආදරේ උනත් ඒ වගේ වෙලාවට පොඩ්ඩක් කේන්ති යනව නේද.. ඉතිං මං මේ කියන්න යන කතාව ඒ වගේ කතාවක්.. ආදරය වෛරය වගේම පළිගැනීම අපූරුවට දෘශ්‍යමාන වුණ කතාවක් . ඒ වගෙම තමා බල ලෝබය හිංද මිනිස්සු කොයි තරං ආත්මාර්ත කාමී වෙනවද තමන්ගෙ වාසියට මොනවද නොකරන්නෙ කියල හොදටම පෙන්වන කතාවක්.. ඒ වගෙම ධෛර්ය වන්ත ගැහැණියක් ගැන කතාවක්.

දැං බලන්න එපා මොකද්ද මේ අගක් මුලක් නැති වැල් වටාරම කියල...

ඔය ඉතිං කලබල වෙලානෙ... හිහි

ඒක ගැන තමා මේ කියන්න යන්නෙ...

Revolver Rani(2014)

රිවෝල්වර් රාණි.(Revolver Rani) මේකෙ IMDB මීටරේ නං 5.7ක්. මේක ඉන්දියාවෙ තිරගත වුනේ 2014 අප්‍රේල් 25 වෙනිද ඉදං. අපි කව්රුත් දන්න කන්ගනා රනවුත්(Gangster, Fashion, Queen,) තමයි මේකෙ රාණි විදියට රගපාන්නෙ.  මේකෙ හොද කොපියක් මට හම්බෙලා සෑහෙන දවසක් වුණත් පෙරේද(බදාද) තමා හිතුනෙ මේකට මං සබ් දාන්න ඕන කියල. ඉතිං සූම් එකෙන් අවසර ලැබුණාම මං ඊයෙ(බ්‍රහස්පතින්ද) තමා පටන් ගත්තෙ අද දවල් වෙද්දි ඉවර වුණා.

ඉතිං වැඩි පල් හෑලි මොකටද කතාව චුට්ටක් විතර කියන්නංකො.

අල්කා සිං(කන්ගනා රනවුත්) එහෙමත් නැත්තං රිවෝල්වර් රාණි කියන්නෙ පොඩිකාලෙ ඉදං හොදට දුක් විදල මැරයන් අතරෙම මැරයෙක් විදියට හැදිච්ච කෙනෙක්. මෙයා කවදාවත් හොදට කතා කරල නැතිව ඇති. ඉන්නෙ මෙයාගෙ මාම එක්ක. ඒ වගේම බොරුවට වංචාවට කැමතිම නෑ. ඔහොම ඉද්දි මෙයාට යට කලිසං ඇදපු පිරිමි ඉන්න තරගයක් විනිශ්චය කරන්න අවස්තාවක් හම්බ වෙනව. එතනිං ජයගන්නෙ රෝහන් කපූර්(Vir daas) ඉතිං මේ රෝහන් කපූර් අල්කට කතා කරල එයාගෙන් නම්බර් එක එහෙම ඉල්ලගෙන පොඩි පැණි පාරක් එහෙම හලනව. මූ හෙන නළුව කියල හිතං ඉන්න මරිසි ඩයල් එකක්. කොහොම හරි අල්ක රෝහන් එක්ක යාළුවෙනව කියන්නකො... එතනිං එහාට අල්ක ගෙ හැම දේම වෙනස් වෙනව. හුගක් දේවල්.. රෝහන් හිංද එයාට ගොඩක් දේ අහිමි වෙනව... ඒ වගේම අංතිම තත්පරේ වෙනකං රෝහන් ගැන අල්ක දැන ගන්නෙ නෑ. 

ඒ ඇයි ඒ... අල්කට මොනව වෙයිද...? රෝහන් කියන්නෙ මොන වගේ සත්වයෙක්ද.? ඇයි අල්ක ගාවට එන්නෙ... මේ හැම දේටම උත්තර හොයාගන්න ඕන නං ඔයාලට මේ චිත්‍රපටිය බල්නම වෙනව. ඒ වගේම මේ චිතුපටයට තියෙන්නෙ තව කොටසකට අනුබල දෙන අවසානයක්.. ඒත් ඒ ගැන තවම නිල ප්‍රකාශයක් කරල නැති හිංද ඒ ගැන මොනවත් කියන්න යන්නෙ නෑ.. මං මේ කතාව ගැන කීවෙ බොහොම පොඩ්ඩයි... ඒ හිංද ඔයාලට නිදහසේ බලන්න පුළුවං... චිත්‍රපටය බැලුවහම තේරෙයි ඇයි මම පෝස්ට් ටයිටල් එක අර වගේ ලීවෙ කියල. 


එහෙම නං චිත්‍රපටිය බලල ඔයාලට හිතෙන දේත් කියල මං මේ වැඩේට හොද වෙයිද කියල එහෙම යන්න හොදේ...

                     

                         සිංහල උපසිරැසි හා චිත්‍රපටය මෙතනින් බාගන්න

පසු සටහන      = පසුගිය දවස් දෙකෙහිදීම බ්ලොග් කියවීමට හෝ පෝස්ට් කොමෙන්ට් කිසි දෙයකට අවකශයක් මේ උපසිරැසි ගැන්වීමට කාලය කැප කල නිසා නොහැකි විය. ඒ ගැන උදක්ම ඔබෙන් සමාව අයදිමි.

32 comments:

  1. හ්ම්ම්ම් බලන්න ඕන ...මේ උඹේ දෙවැනි සබ් කිරිල්ල ද ? සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. ඉසෙල්ලා උඹ අර සබ් දාපු එකේ ලින්කුවත් දාපන්කෝ යටින් :D

      Delete
    2. මෙන්න ඒක..

      http://awanhala.blogspot.com/2014/03/blog-post_24.html

      Delete
    3. එක පොස්ටුවට යටින් එල්ලහන් කියලා කිව්වෙ පුළුවන් නම් ,මං ඕක බැලුවානේ

      Delete
    4. ස්තූතියි සහෝදර
      මං ඊළග පාර ඉදන් කරන්නම්..
      මේ පාර මනෝ ලිංක් එක දීල තියේ නෙව...
      ස්තූතියි මාව දිරමත් කරනවට...
      ඒ වගේම උපෙද්ශයටත්

      Delete
    5. ස්තූතියි මනෝ මචෝ....

      Delete
  2. මොන හේතුවකටද මංදා පෝස්ට් එකේ මුලදිම මට හිතුනා මේක මහීගෙ දෙවන උපසිරැසි ගැන්වීම වෙන්නෝනි කියලා.

    වඩ්ජාගේ කතාව වගේම මේකත් සුපිරියටම ඇති. උඹේ සිලෙක්ශන් එකක්නේ.

    උඹේ මේ මෙහෙවර මාර වටිනවා බං. මෙහෙම දවස් ගානක් උඹ උඹේ කාලය, මහන්සිය අපි වෙනුවෙන්, අපේ රසවින්දනය වෙනුවෙන් කැපකරනවා දැක්කම උඹ ගැන මාර ආඩම්බරයි මචං. ඒකට උඹට තියෙන එකම තෘප්තිය මේ කමෙන්ට් එකක් විතරයි, උඹට මගේ ආචාරය!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බං...
      ගොඩක් ස්තූතියි...
      ඔහොම කියනව නං එකට දහයක් දෙන්න බැරිය...
      ස්තූතියි මාව දිරිමත් කරනවට

      Delete
  3. ෂැහ්...................

    නියමයිනේ.......... අනිවා බලනවා....

    ReplyDelete
    Replies
    1. බලන්න බලන්න...
      බය වෙන්න හිනාවෙන්න කුල්මත් වෙන්න
      කියාපු පිිලුමක්...
      ස්තූතියි

      Delete
  4. අඩේ මම මේක බලලා නැහැනේ.. හිටුකෝ එහෙනම් හෙට සෙනසුරාදා වෙච්ච එකේ මේක බලලා ඉන්න..

    ReplyDelete
    Replies
    1. බලන්න බලන්න...
      බලලම කියන්න...
      ඒක තමා මගෙ සතුට

      Delete
  5. ඔය උපසිරැසි දාන හැටි බිංදුවේ ඉදලම කියල දියං..

    ReplyDelete
    Replies
    1. හ්ම්... එහෙම නං ඒ ගැන තියෙන පෝස්ට් එකක්ම දාන්නං...
      කොමෙන්ට් කරන්න බැරි කමක් නෑ... ඒත් එහෙම වුනොත් තේරුමක් නැතිෙවයි කියල හිතනව... අනිවා මීට සමිබන්ධ හැම කරුණක්ම අදාලව පෝස්ට් එකක් දානව

      Delete
  6. මම කොහොමත් බොලිවුඩ් රසිකයෙක්නම් නෙවෙයි. නිකං හම්බවුනත් බලන්නේ නෑ දෙමළ හින්දි මලයාලම් ‍ෆිල්ම් නං. නමුත් ඔය සබ්ටයිටල් වැඩේ ගැන උනන්දුයි. (ඒ වුනාට සබ්ටයිටල් කියවන එකත් මට පේන්න බැරි වැඩක් බං.)
    උඹ SRT ෆයිල් එකක්ද ඔය හදන්නේ? එතකොට මොන සොෆ්ට්වෙයා එකෙන්ද ඕක හදන්නේ සහ එඩිට් කරන්නේ? ඔය GOM Player වගේ ඒවයේ Subtitle Explorer එකෙන් ටිකක් adjust / synchronize කරන්න පුලුවන් බව මම දැකලා තියෙනවා. නමුත් එච්චර දුර ගිහින් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔයත් ඒ ගැන උනන්දුයි වගේ...
      මං අර දේශක තැනට කීව ටිකම කියන්නංකො
      මං ඊළග පාර මේ සම්බන්ධ පෝස්ට් එකක් දානව...
      මේකට කැමති හැමෝටම...
      එතකොට හෙන්රි අයය ට හැම දෙයක්ම දැන ගන්න පුළුවන්

      Delete
    2. ස්තුතියි මහේෂ්. මම තාක්ෂණික දේවල් ගැන ටිකක් උනන්දුයි. ඒකයි. ඔන්න උඹ ඒ පෝස්ට් එක දානකල් බලාගෙන ඉන්නේ.

      Delete
    3. ඩූඩ්.....උඹ හොඳ මලයාලම් ෆිල්ම්ස් ටිකක් බලපන්. උඹ හිතනවාට වඩා වෙනස් ඒවා තියෙනවා.
      අදූර් ගෝපාලක්‍රිශ්නන්ගේ---ස්වයංවරම්, එලිපත්තායම්, මුඛමුඛම්, විදයන්,කෝඩියෙට්ටම් ඔය මම බලපු සමහරක්.
      සාජි කරුන්ගේ...පිරවි,ස්වාහම්,වනප්‍රස්තම්
      ඔය පරණ අය. දැන් තව බොහෝ අය ඇති. මම්මුටි. මොහන් ලාල් වගේ නළුවන් අති දක්ෂ නළුවෝ. මලයාලම් ෆිල්ම්ස් කියන්නේ අපූරු රසවිඳීමක්. බොහෝ විට ජීවිත යථාර්තය.

      අනිත් එක තමයි බටහිර බෙංගාල ෆිල්ම්ස්. කියන්න බොහෝ දේ තියෙනවා. අපර්නා සෙන්, රිත්වික් ඝටක්, ගෞතම් ඝෝෂ්, මිර්නාල් සෙන්,හොඳ ඩිරෙක්ටර්ස්ලා. මට දැන් මතක් වෙන්නෙත් නැහැ බන්.

      Delete
    4. අනිවා හෙන්රි අය්ය...
      මේ සදුද කෝම හරි දානව මොකද ඊට පස්සෙ මට පස්ට වැඩ කන්දක් තියේ...
      හැක්

      Delete
    5. මලයාලම් එකයි බලල තියෙන්නෙ අරූඅය්ය...
      ඒත් බටහිර බෙංගාල පිල්ම්ස් පට්ට..
      ඔයා වැදගත්ම මනුස්සය හලලනෙව...
      සත්‍යජිත් රායි...
      ඊළග උපසිරැසියත් බෙංගාල ෆිල්ම් එකක්...

      Delete
  7. නම නියමෙට ගැලපෙනවා.මම බලන්න හිතා හිටියා ඔය ෆිල්ම් එක ගැන ආරංචි වුන වෙලාවේ ඒත් හොයාගන්න බැරිවුණා.අද බලලා තව කමෙන්ටුවක් දාන්නම් සබ්ස් ගැන..:)

    ReplyDelete
    Replies
    1. මේ ඔබේ පළමුවෙනි ආගමනය වෙන්න ඕන..
      සාදරයෙන් ඵිළිගන්නව අවන්හලට ඉඩ කඩ ඇති හැම වෙලාවකම ගොඩවදින්න
      ස්තූතියි
      අද එහෙනමි බලලම කමෙන්ට් කරන්නකො

      Delete
  8. හ්ම්..හෙන්රි අයියා කිව්ව වගේ මාත් බොලිවුඩ් ෆිල්ම් බලන්නෑ.. බලන්නෑ කියන්නෙ ආසාවක් නෑ..
    කොහොම වුණත් සබ්ටයිට්ල් දාල උඹ කරන වැඩේ අගය කරනවා..
    ජය.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සංචාරෙ...
      ඒත් බොලිවුඩ් වලත් පට්ට ෆිල්ම් තියෙනව
      කමක් නෑ...
      එක එක අයගෙ රුචිය නෙව

      Delete
  9. වැඩේට සුබ පතමි... වෙලාවක බාගෙන බලන්නම්කෝ....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිලිනි...
      බලලම කියන්නකො

      Delete
  10. අද ඉරිදා නිසා හවස් වරුවේ බලන්න ඕනේ.. වැඩේට අපෙනුත් සුබ පැතුම් ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තුශානි...
      එහෙනමි බලලම ගුණාගුණ කියන්නකො

      Delete
  11. මමත් ඔය වැස්සට මේවගේ ඒව බලනව. මේකත් බලන්නම්කො.. අර දේශක යා කිවුව වගේ මුල හිටන්ම මේ ගැන විස්තරයක් දාන්නකො මල්ලි.

    ඔයාට සුබ පැතුම්. දිගටම කරගෙන යන්න.

    ReplyDelete
    Replies
    1. ම්ම්... .වත් ඉල්ලීමක්..
      අනිවා දානව..
      බලල හිටල්ල මොකක් හරි කියන්නකො
      ජයවේවා

      Delete
  12. ඩවුන්ලෝඩ් වෙන්න දැම්මෝ...පස්සෙයි මතක් උනේ ආයිමත් පැකේජ් එක 4 ඇක්ටිව් වෙන්නෙ කියලා.බලලම තව අදහසක් දාන්නං.....

    ReplyDelete
    Replies
    1. බලලම කියන්නකො මලේ...

      Delete