Tuesday, April 22, 2014

මරණයක මළගම - 2


කලිං කොටසකියවන්න බැරි වුණාද... මෙතනිං යන්න


ආනේ..... අර බලන්නකො සුදේ.... ලස්සනට ඩෙකරේෂන් කරල හදල තියෙන අර වේවැල් ෆර්නිචර් ටික... ෂෝයි නේ...

නර්මදා ... අපි යන්නෙ මේ මළ ගෙදරක....වෙන කාගෙවත් නෙවී මගෙ තාත්තගෙ මළගෙදර... මේ දවස් ටිකට වත් ඔය විකාර ඔළුවන් අයින් කරගන්න බැයිද ....

මළ ගෙදරක යනව කියල හොස්ස එල්ල ගෙන යන්නයැ...

ඇයි දැං තමුසෙට ඕන බෑන්ඩ් ගහන්නද.... 

පුහ්.... මහලොකු තාත්ත.... මතකනෙ අපේ තාත්ත නැති වුණ වෙලාවෙ....

ඇයි මං මොකද්ද කරපු අඩු පාඩුව.... තමුසෙගෙ අර කුණු ලෝබ අය්යල මල්ලිල ටික එක සතයක් වියදං කරාද... ඔක්කම මම නෙවේද කරේ........... හුහ් මහලොකු වංසෙ.... හොදා කබල් ගාන්න..

Friday, April 18, 2014

මරණයක මළගම...

                                                     ඈත අහසේ සරනා වැහිළිහිණියන් දෙස බොහෝ වෙලාවක් තිස්සේ බලාගෙන හුන් ජයලත් මැණිකේ බර සුස්මක් පිට කලාය. දැන පැය දෙකක් තිස්සේ ම ඈ රෝහල් කොරිඩෝවේ වූ සිමෙන්ති කණුවකට බර දී ගත් ගමන් තාම එහෙමමය...  සාරි පොට දෑතට හිරකරගෙන ඈත අහසේ සරනා වැහිළිහිණියන් දෙස බලා වුන්නේ උන් දෙස බලා සිටීමට තරම් නිස්කාංසුවක් හිතේ තිබූ නිසා නොවේ.  වානේ බරුවක් තරම් බරට හිතට එබෙන්නට වූ තනිකම මකාගන්නට අවැසි යැයි සිතුණ නිසාය... ඒ හැගීමට ඈ බියවූ නිසාය.  බණ්ඩාර මහත්තයා අසනීප වී කීප දොහක් වූවත් මේ තරම් මරණාසන්න වූයේ නොවේ... එහෙව් එකේ හදිසියේම සිදුවූ මේ අබග්ගයෙන් ඈ හෙල්ලී ගොස් සිටියාය. නෙත් මානයේ සැරි සරමින් වුන් ළිහිණියන් රෑනෙන් එකෙක් හදිසියේම රැළ බිදගෙන ඈතට පියාඹනවා ඇගේ නෙතට හසුවිය.. ඌ පසුපස තත්පර කිහිපයක් තරම් යැයි හැගෙනා වෙලාවක් පැන්නූ අනෙකුන්, යළි කිසියක් සිදු නොවූවා සේ  නැවතත් පුරුදු පරිදිම අකාසය වටේ කරක් ගහන්නට විය.. නොබෝ වෙලාවකින්ම අර රැහෙන් මිදී පියාසර කල ළිහිණියා ඇගේ දර්ශන පථයෙන් මැකී ගියෙන් හිතට තවත් බරක් එක් විය... ඒ මන්දැයි සිතාගැන්මට තරම් නිනව්වක් ඇගේ සිතට නොවීය...

Friday, April 11, 2014

පුර පසෙක නොවී නුඹ අවපසෙක සද වුණා....


                                                                             
 පැය බාගෙකට වැඩි වෙලාවක් තිස්සෙ මන්දාරම් කර කර තිබ්බ කුරුණෑගල අහස එක පාරටම මොර ගෙඩි වගේ ලොකු වැහි බිංදු වලින් ඇතුගල්පුරයට පහර දෙන්න පටන් ගත්තෙ හරි හෙමිහිට... ඒත් විනාඩි දෙකක් වත් ගෙවෙන්න කලින් ඇතුගල පේන්නැති වෙන තරමටම වැස්ස හයියෙන් වහින්න ගත්තෙ මාස ගාණක් තිස්සෙ නොවැහැපු එකටත් එක්ක වාඩුව අල්ලන්න වගේ... ක්ලාස් එකෙන් කලිං පැන්නෙ මහ මෝඩ කමකට කියල හිතුණෙ ඒ වෙලාවෙ... ෂොපින් කම්ප්ලෙක්ස් එකේ දෙවනි තට්ටුවවෙ පාර පැත්තට වෙන්න කඩවල් දෙකක් අතර තිබ්බ හිස් ඉඩකට වෙලා මං ඈතින් නොවුණත් හරි ඈත වගේ පේන ඇතුගල දිහා බලන් හිටිය... යාන්තමට ඡායාවක් වෙලා තියෙන ඒ රුවත් එක්කම මට මැවිල පේන්න ගත්තෙ නුඹෙ රුව.. අවුරුදු දෙකක් තරං ඈත අතීතෙක හිත කිමිදෙන්න ගද්දි මගෙ හිත පුරාම මැවුණෙ ඇගෙ රුව... ඔව් මීට අවුරුදු දෙකකටත් කලිං මාව දාල ගිය ඇගෙ රුව... දිලිසෙන ඇස්වලින් මං දිහා බලාගෙන මගෙන් සමුගෙන යන්න අහන නුඹෙ රුව... ඒ ඇස් එදා දිලිසි දිලිසි තිබුණෙ සතුටටද දුකටද කියල මට එදා තේරුණෙත් නෑ... අදත් නෑ.. ඒ ඇයි කියල මං තාම දන්නෙත් නෑ... කිසි දෙයක් කතා කරගන්න හිතක් නැතිව මගෙ අතින් නූල කඩාගෙන ඈතට පාවෙලා ගියපු සරුංගලයක් දිහා ඔහේ බලා ඉන්නව වගේ කිසි දෙයක් හිතාගන්න බැරිව මං ඔහේ එයා යන දිහා බලන් හිටිය... ඒ මූසල දවස අදටත් එක රූප රාමුවක් වත් නොඅඩුව මතකයි...

Friday, April 4, 2014

නෙල්ලි-05 මගෙ අමුතු කතා(ii)-- ඒලියන් බෑග්...


                                                                                  ලක්දාස් එකේ හිච්චි කෙල්ලො ටිකත් පහුකරන් වේගෙන් වේගෙන් ඇවිත් වැව රවුමත් පාස් කරන් වැව රවුමට හැරෙන තැන අලුතින්ම හදාපු මුස්ලිම් පල්ලියත් පාස් කලා... ඒ වෙලාවෙ තමා මට මතක් වුණේ අපි පංති එන්න පටං ගන්න කාලෙ මෙහෙම පල්ලියක් තිබ්බෙ නෑ කියල... මං ඒක තරිදුවට කිව්ව හම ඌ මරු උත්තරයක් දුන්න..(මා මිතුරාගේ අකමැත්ත නිසාම බොහෝ සිදුවීම් වාරණය කර ඇති බව සලකන්න)ඇත්තටම අපේ උන්නෙ එකමුතුව නං අංතිමයි කියල මට හිතුණෙ ඒ වෙලාවෙ... මොකද අපේ අය මෙහෙම උදව් කරනව අඩුයි නෙව.. පල්ලියත් පහු කරන් රහීම්ස් එක ගාවටම ඇවිත් මං තරිදුවගෙ මූණ දිහා බැලුවෙ ඒ පැත්තට යං කියල කියන්න වගේ... ඌ නිකං කරත්තෙට අහුවෙච්ච කජු ලෙල්ල වගේ මූණ හදාගත්ත හිංද මං ඒඅදහස අතෑරල දැම්ම... අපරාදෙ ගියා නං දාඩිය නිවෙනකං ඒසී එකට වෙලා ඉන්න තිබ්බ මගෙ හිත කීව... හ්ම්.... මාත් හූ මිටි තියන ගමන් තලය පස්සෙන්ම වැටුණ...