Friday, February 21, 2014

මිනිස්සු ඇයි මේ තරං කුජීත බං ..............?

                                                                ලියන්නට සිටි සියලු දෑ ඉවත ලා මේ ලිපිය ලියන්නට සිත් වූයේ මේ කියන්නට යන සිදුවීමට කොනකින් හෝ මා ගෑවී තිබීම නිසා මා සුද්ද කර ගැනීම සදහා හෝ මාගේ නිර්දෝශී බව හගවා පොරක් වීමට නොවේ... මටද සහෝදරියක් සිටින නිසාත් ඈ හා මා අතර ඇති බැදීම නිසාත් මා සිත මේ කියන්නට යන සිදුවීම නිසා මා සසල වූ හින්දාමය... මේ ලිපිය කියවා ඔබට කියන්නට අනන්තවත් දේ සිතිය හැක...  එසේම නොකියා යන්නටද සිතිය හැක.. මගේ එකම ඉල්ලීම නම් සිතෙනා දේ සිතෙනා ආකාරයෙන් මෙහි තබායන ලෙසත් මා පිළිබදව හිතේ කහටක් තබා නොගන්නා ලෙසත්ය..(නමුදු ඒ ඔබේ කාරියක්ය...)




X-මචං....
මම-ම්ම්...
X-උඹ දන්නවද අර කෑල්ල....?
මම-කව්ද බං...?
X-අර යන්නෙ අර රතු බ්ලව්ස් එක්කුයි නිල් පාට ස්කිනි ඩෙනිමකුයි ගහන් රතු බෑග් එකක් දාගෙන යන එක...?
මම-ඇයි....?
X-ඇයි කියන්නෙ යකෝ... වැඩක් කරගන්නව නං ඔන්න බාණ්ඩෙ...
මම-ඒ කිව්වෙ...?
X-අපෝ... තෝ වගේ එකෙක්... ඕක පට්ට බඩුව බං...  හැක් හැක්....
මම-උඹ කෝමද දන්නෙ...?
X-දැං ඕකිත් එක්ක සෙට් වෙලා ඉන්නෙ අර පො*** මොඩ්ල් අයිටම් එක...
මම-ඉතිං....?
X-ඌට කලින් ඒකිව මමනෙ රන් කරේ.... ඌ නං හිතං ඉන්නෙ ඒකි පරම පවිත්‍ර තොත්ත බබී කියල... අපිනෙ දන්නෙ ඒකිගෙ කැරැට්ටුව...මාත් ඕක දාගත්තෙ ඔයිට කලිං ඕකිව දාං හිටපු එකා ඇදල ඇදල පට්ට ගහල ඕකිව අතෑරියට පස්සෙනෙ... ඒකනෙ මාත් ඕකි ගැන දන්නෙ... පට්ට බඩුවක් බං... ඕකිව ඇදපු නැති එකෙක් නැතුව ඇති මේ ටවුමෙ.... මං හිතන්නෙ අරූට සෙට් වෙලා ඉන්නෙ බදින්න වෙන්නැ... ඌත් පො*****.... හැක් හැක්...
මම-උඹ කොයි කාලෙද බං______ දාගෙන හිටියෙ .....? මං දන්නෑනෙ.. උඹ වගේ අපතයෙක් ______ට සෙට්වෙලා හිටිය කියල... හැබැයි මං දන්නව උඹ සෑහෙන කාලයක් තිස්සෙ _____ පෙරුව කියල.... යකෝ පො*****************************************************************************************************************************************************************************************************************************************************************************************************************************************************...........

කියන්නට බැරි තරං අසික්කිත බැවින් ඉතුරු ටික තරු දමා පළ කළෙමි...

                                                            මේ සංවාදය සිදු වූයේ මගේ මිතුරෙකුගේ මිතුරෙකු හා මා අතරය... මගේ අවශ්‍යතාවක් සදහා  නගරයට ගිය වෙලේ කුරුණෑගල දෙසට යන්නට කුරුණෑගල බස් නැවතුමට වී ඉන්නා අතරය මට මොහු හමුවූයේ... මට කෙල්ලන් සුද්ධ කරන්නට අවශ්‍ය නැත නමුත් මම ඒ අවස්තාවේ පුෂ්පය විකසිත කරගත්තේ උක්ත කතා බහට ලක්වූ යුවතිය මා හොදින් දන්නා හදුනන එකියක් නිසාම නොවේ ඈ මිතුරු වී සිටින ඇගේ පෙම්වතාද මා හදුනන නිසාද නොවේ, පොෂ් කෙල්ලක් යැයි ලේබල් එකක් සමාජයෙන් ඈ හට අලවා ඇති  ඈ බෙහෙවින් සමාජශීලීය. නිතරම ඕන වෙලාවක ඕන කෙනෙකුන් හා විවෘතව කතා බස් කිරීමට ඈ සමත්ය... එනිසා ඇයට ඇති තරම් මිතුරන් වෙයි... සැබැවින්ම ඇයට සිටිනා මිතුරියන් ගණණ අල්පය... ඈ මගේ මිතුරා හා හාද වූයේ වසර පහකටත් පමණ පෙරය... එහෙත් ඇගේ සමාජශීලීත්වය වරදවා වටහාගත් උන්ගෙන් ඇ හට ලැබුණ ප්‍රේමාරාධනා මෙන්ම අයුතු ආරාධනාද නිමක් නොවීය... මේවා නිරාකරණය කරන්න මාස දෙක තුනකට වරක් වත් කවුරුන් හෝ සමග බහින් බස් වීමටද ඉනිදු නොනැවතී ගුටි කෙලගන්නද අපට සිදුවිය... කෙල්ලක් නිසා කොල්ලන් හා කෙලගන්නට තරං අපි අපතයන්යැයි ඔබට සිතිය හැක... ඇත්තෙන්ම සිදු වූයේ අපි අපත වීම නොව අපේ මිත්‍රත්වය ආරක්ෂා කරගැනීමකි..

                                                   
                                                              උක්ත සිදුවීමේදී පවා ඈ වෙනුවෙන් පෙනී සිටියේද ඒ මිත්‍රත්වය මත පදනම් වය... නමුත් එහිදී ඊට වඩා සිත රිදවීමක් වූ නිසාය.. එනම් මේ ආකාර අභූත චෝදනාවක් නුදුරේදී මගේ නංගීටද ඇතිවූවොත් යන මානසිකත්වය පෙරදැරිවය...
                                                    
                                                              මෙලෙස තම සිත ගත් කෙල්ලන් තමන්ට අකමැති වීම නිසාත් ඔවුන් අන් පිරිමියෙක් හා මිත්‍ර වීමත් නිසා සමහර උන් මෙවන් නපුංසක චර්යා අනුගමනය කරති... එනම් ඇගේ චරිතය කිළිටි කිරීම නැතහොත් ඈ අන් අයෙක් හා පෙමින් වෙලී සිටී නම් ඒ සබදතාව කඩා බිද දැමීමටද පෙළඹේ... සමහර උන් මීට එහා ගිය දරුණු වැඩද කරන්නට පෙළඹේ... එනම් ඇසිඩ් ගැසීම... පිහියෙන් ඇනීම වැනි ක්‍රියාය... පහුගිය කාලයේ මෙයන් සිදුවීම් අනන්තවත් වාර්තා විය... සැබැවින්ම මේවා අවශිෂ්ට ක්‍රියාය... මට නැත්තං වෙන කාටවත් තෝව දෙන්නෙත් නෑ යකෝ...කියමින් පාරම් බාන මේ වර්ගයේ චරිත විනාස කරන්නේ තව කාගේ හෝ ජීවිතයක්ම පමණක් නොවේ.. බොහෝ දුරට මෙවන් ක්‍රියා නිසා ඔහුටද දරුණු විපාකයන්ට මුහුණ දීමට සිදුවේ... දුර දිග නොබලා ක්‍රියා කිරීම සාබැවින්ම නොසිතූ විපාකයන්ට මුහුණ පෑමට බලකෙරේ...
                                                              සමහරුන් මෙලෙස තවත් අයෙකුගේ චරිතය කිළිටි කරන්නේ තමන්ටද සොයුරියන් නැතහොත් මවක් හෝ ඇතැයි නොසිතමිනි... බොහෝදුරට මෙවන් ආකාරයේ ක්‍රියාවන් දුරදිග යන්නේ ඇතැම් කෙල්ලන්ගේ ක්‍රියාපිළිවෙල නිසාය... බොහෝදුරට මෙසේ කාගේ හෝ පුද්ගල චරිතයක් වැනසීමට ඇතැම් යුවතියන් ද උඩ ගෙඩි දෙන්නේ කවදා හෝ මෙවන් ආකාර චෝදනාවක් එල්ල වී තම චරිතයටද කැළළක් විය හැකි යැයි නොසිතමිනි... එනම් තම වරිගයා නසන්නට ආයුධ අතට ගන්නේද ඒ වරිගයේ උන්මය...  
                                                               සමහර විටෙක මෙලෙස පවසන්නා වූ දේ යම් කාන්තා චරිතයකට ගැලපිය හැක... එනම් අතින් අතට යැම පුරුද්දක් බවට පත් කරගන ඇති කෙල්ලන්ද ඇත... අවසන කව්රුන් හෝ පිම්පියෙකුට තෝන් ලණුව දමාගෙන ඉන්නා රට කාපු ඇන්ටිලාද ඇත මේ කියන්නේ උන් ගැන නොවේය... උන් නිසා හැම කෙනෙක් දෙසම එකම විදියට බලනවානම් අපද ගොන්නු වෙන්නේය....
අදාල පුද්ගල චරිතය මේ දිනවල මා කෙල්ලන්ට කඩේ යන චීත්තයෙකැයි.... කෙල්ලන් නිසා කොල්ලන් හා කෙල ගන්නා අපතයෙකැයි හැම තැනම ප්‍රචාරය කරමින් දැවැන්ත මඩ ප්‍රචාරයක්  දියත් කරන වගට මට ආරංචිය... මට කියන්නට ඇත්තේ බල්ලන් බිරුවාට කදු පාත් නොවනා වගයි... එලෙසින්ම මා මිතුරන්ගෙන්  ප්‍රවේසම් වී සිටින ලෙසයි....
                                                                 මේ සටහන කියවා යමක් තීරණය කිරීම ඔබේ කාරියකි මා දක්වා  ඇත්තේ මට පවසන්නට ඇති දේය.. මෙවන් වූ අශෝබන ක්‍රියාවන්ට හැකිනම් විරුද්ධ වන්න... මන්ද අද දවසේ  මෙලෙස චෝදනා එල්ල කරන්නේ අන් අයෙකු වෙත විය හැකිය... නමුත් හෙට... ඒ ඔබේම සමීපතමයෙකු හට විය හැක... එබැවින් ................................? තීරණය ඔබේය....
       
                                                                   මෙය මට මීට වඩා සුහුරු ලෙස ඉදිරිපත් කරන්නට නොහැකිව වූවාට කමා යදිමි... සිතේ ඇති පැටලිලි ගතිය හා මේ දිනවල ඇති වැඩ රාජකාරි බහුල වීම නිසා කලින් කරුණු ගොනු කරගැනීමට නොහැකි විය..එබැවින් යම් අඩුපාඩු තිබිය හැක... මීට වඩා කරුණු ඔබේ සිතට නැගිය හැක... හැකියාවක් ඇත්නම්  කමෙන්ටුවක් ලෙස හෝ ඔබේ අදහස තබා යා හැකි නම් කෘතඥ වෙමි..

පින්තූර ගත්තෙ......
http://www.quickmeme.com/Good-Girl-Gina/page/1/





38 comments:

  1. හැක් හැක් ..ඔවා ගැන ලොකුවට හිතන්න එපා බන් ...කොතනවත් පරම පිවිතුරු කොල්ලොවත් /කෙල්ලොවත් අඩුයි ,නෑ කියනවා නෙවෙයි..මම නම් රටේ උන් මොනවා කිව්වත් ගණන් ගන්නෙ නෑ ...මටත් ඔහොම වැඩ වෙලා තියෙනවා ,මගේ එකටම දෙසනවා,මගේ මුණටම,මම කාවදාවත් ඔවාගේ ඇත්ත නැත්ත හොයන්නෙ නෑ ?? මට හොද නිසා නේ කරන්නෙ ...අනික් එකා මොනවා කිව්වත් ගණන් ගන්නෙ නෑ ...

    උන් එක්තරා විදිහක චිත්ත ....

    ReplyDelete
    Replies
    1. නෑ මං අහන්නෙ ඇයි තමන්නෙ නොහැකියාව නොලැබෑම වගේ දෙයක් හිංද කාගෙවත් චරතෙ විනාල කරන්න හදන්නෙ..............?
      ඒකයි මට තියෙන ප්‍රශ්නෙ

      Delete
    2. එක බං හැටි ,දැන් මම කිව්වෙ උඩ මගේ මුණටම කියනවා කියලා මේ උබ කියන්නෙ වෙන එකකට කියපු එකක් නේ ,ඒ හැටි බන් ,ඔක මානසික ලෙඩක් කියලා හිතමු වෙන මොනවා කරන්න ද ?

      Delete
    3. ඔව් ඔව්.. වෙන මොනා හිතන්නද නේද සහොදර තුමා... මිනිස්සු ඇත්තට ආදරය කරන්න පටන් ගත්තොත් අපිට මේම ලියන්න වෙන්නැතිවෙයි කියල හිතෙනව

      Delete
  2. ඔතන තියෙන්නෙ මෙහෙම ප්‍රශ්ණයක් බන්. තමන්ට විරුද්ධ ලිංගිකයන් ආශ්‍රය කර පුරුද්දක් නැති වීම පලවෙනි ප්‍රශ්ණෙ. උන් හිතන්නෙ කෙල්ලෙක් කොල්ලෙක් එක්ක ආශ්‍රය කොලොත් ඒකි බඩ්ඩක් කියලා.

    ඒ වගේම සමහර කොල්ලොත් ඉන්නවා කෙල්ලෙක් වැරදිලා හරි තමන් සමග කතාකරපු ගමන් ඌ හිතන්නෙ ඒකි ඌ එක්ක කාමරේකට උනත් එයි කියලා.

    මුන් ඔක්කොම තමුන්ට සපුරාගත නොහැකි වූ ලිංගික ආශාවන් නිසාම ලිංගික අසහනයකට ලක් වූ මානසික රෝගීන්.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.... මාත් ඔය වචනෙ දාන්නැතුව හිටියෙ..... ස්තූතියි ප්‍රියා

      Delete
    2. ///ඒ වගේම සමහර කොල්ලොත් ඉන්නවා කෙල්ලෙක් වැරදිලා හරි තමන් සමග කතාකරපු ගමන් ඌ හිතන්නෙ ඒකි ඌ එක්ක කාමරේකට උනත් එයි කියලා/// අන්න පොයින්ට් එක බන් ඕක තමා හැමතැනම වෙන්නෙ, ගොඩක් උන් හිතන්නෙ ඔය විදිහට තමා :D

      Delete
    3. සිරාවට ඒ පොඩි කාලෙ ඉදන් කෙල්ලෙක් ආසසරේ කරලා පුරුදු නැති උන් බන්.එහෙම උන්ට කෙල්ලෙක් කතා කලා කියන්නෙත් ඇති ඉතින් අහවල් වැඩේට සෙට් වෙන්න. පිස්සු යක්කු :-D

      Delete
  3. පස්සෙන් ගිහින් ගිහින් යාලු වෙන්න බැරි උනහම ගොඩක් එවුන් කරන්නේ චරිතෙට මඩ ගහන එක.

    ReplyDelete
    Replies
    1. ඔව් බං මධුරංග අය්යෙ ඒ වගේ උංට ආමණ්ත්‍රණය කරන්න ඕන විදිහත් ඔය ප්‍රියා කියල තිබ්බෙ

      Delete
  4. ප්‍රේමයයි වෙයිරයයි අතරේ වෙනස කෙස් ගසකට සමයි කියන්නේ ඕකනේ මචෝ. අද කාලේ එවුන් වෙයිරය පිටකරන කුජීත විදිහ තමයි ඔය

    ReplyDelete
    Replies
    1. කුජීතයි කියන්නෙ ඉවාන් අයියෙ කුප්පම කුප්පයි ඈ...

      Delete
  5. නරිය මිදි තිත්තයි කිව්වලුනෙ, අන්න ඒ වගේ තමා කෙල්ලෙක්ව සෙට් කරගන්න බැරි උනාම ඒ කෙල්ලට ගහන මඩත්...

    ReplyDelete
    Replies
    1. දැං කාලෙ උං බැරි උනාම කරන්නෙ අපෝ ඒක බඩුවක්නෙ කියන එක... නරිය වගෙම තමා.. සමහර විට ඊටත් අන්තයි...
      ස්තූතියි මෙහෙ ගොඩ වැදුණට... එන්න හැමදාම... සාදරයෙන් පිළිගන්නව අවන්හලට

      Delete
  6. Replies
    1. හ්ම්... ස්තූතියි ඔබට මං ඒක කියෙව්ව... අන්තිමයි කුප්පයි කියල තමා කියන්න තියෙන්නෙ

      Delete
  7. මේක මහා විෂම කාලකණ්නි සමාජයක් මචං! මම කෙල්ලන්ව සුදනා කරනවා නෙමේ. ඒ උනත් හැදේටම බැනුම් අහන්නේ නම කැතවෙන්නේ උන්ගේ විතරයි. කොල්ලෙක් එහෙම හැසිරැනොත් පොර. නමුත් කෙල්ල වේස බඩුව. මට නංගිලා ඉන්නවා. දැන් දුවක් ඉන්නවා. මට හොඳටම තේරෙනවා උඹේ සිතිවිලි මචං. ඒත් අපට සමාජය වෙනස් කරන්න බෑ. දැනුවත් කරන ගමන් අපට එහෙම වැරදියට ගෑණු ළමයි ගැන නොසිතා ඉන්න පුලුවන්‍. එච්චරයි. උඹට ජය!!

    ReplyDelete
    Replies
    1. අපි දෙයක් තේරුම් ගන්නව නං ඒ විදියට ක්‍රියා කරනව නං එච්චරයි බං... ස්තූතියි ඔයාට ජයවේවා

      Delete
  8. ඔය වගේ දේවල් එදත් තිබ්බ,අදත් තියෙනව ,හෙටත් අනිවා වෙනදට වඩා තියේ....
    හොදම දේ තමන්ගෙ සහ ලගම අයව දැනුවත් කර ආරක්ෂා කර ගැනීම පමණයි මේ ගොබ්බ අම්බයන්ගෙන්...
    තමන්ගේ එහෙකුට කෙරුවොත් ආය කාටවත් නොකරන්න ඉලක්කෙ බලල එක බ්‍රේස් කට්ටක් කඩුවනම් හරි බං...

    ReplyDelete
    Replies
    1. ඒක නොකර හිටියෙ මෙච්චර කල් කරන්න අවස්තාවක් ආවාත් නොකර ඉන්නෙත් නෑ... අපිත් වලි වලට බොක්කෙන් නෙව

      Delete
  9. ඕකට කියන්න වෙන්නෙ ඉතින් අර අගුලෙයි යතුරෙයි කතාව තමයි. ඔහොම කියන එකාලගෙ සහෝදරියන්ගෙ, දියණියන්ගෙ කරපිටින් තමයි ඔය පාපෙ යන්නෙ ඒකයි දුක.

    ReplyDelete
    Replies
    1. ඒක හැම එකාම හිතන්නෑනෙ අක්කෙ උට නංගියෙක් ඉන්නව අම්මෙක් ඉන්නව කියල හිතනව නං ඕව වෙන්නෙ නෑ නෙව
      ස්තූතියි අවන්හලට ගොඩවැදුණට.. එන්න බලන්න මේ අහටත් පුළුවං වෙලාවක...
      ජයවේවා

      Delete
    2. බස්සිත් දන්න දේවල් :P

      Delete
  10. //අදාල පුද්ගල චරිතය මේ දිනවල මා කෙල්ලන්ට කඩේ යන චීත්තයෙකැයි.... /// කාන්තාවකට නිසි තැන දී කතා කිරීමෙන් /කටයුතු කිරීමෙන් නියම මහත්මා ගතිගුණ පෙන්නුම් කරනවා මිසක් කවදාවත් ඔය කියන ජාතියේ කෙනෙක් වෙන් නෑ මචෝ .... ජය !
    දුලාගේ අඩවිය ලියන දුලා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබගේ අදහසට දුලා... එන්නං මාත් ඒ පැත්තෙ ගොඩ වැදිල යන්න...
      ස්තූතියි අවන්හලට ගොඩවැදුණට.. එන්න බලන්න පුලුවං වෙලාවක

      Delete
  11. ඔවා ගොඩක් වෙලාවට වෙන්නේ ඉරිසියාවට එහෙම නැත්නම් තමන් කලින් ඇප්ලයි කරලා රිජෙක්ට් වුන කේන්තියට.. කෝම වුනත් වැඩේ නම් වැරදියි..

    ReplyDelete
    Replies
    1. වැරදී කියන්නෙ පට්ට වැරදී දනේෂ් අය්ය... උං ඕව කවද හරි තේරුං ගනී... එදාට සමහර විට පරක්කු වෙලත් තියෙන්න පුලුවං

      Delete
  12. ඔබතුමා නෙවෙයි චීත්තෙ.. අර යාළුවා.. "කාන්තාවන්ට ගරු කරන පිරිමියා නියම පිරිමියා" කියල අහල තියනවා නේද..
    තමන් යහපත් චරිතයක් තියන කෙනෙක් නම්, අහල පහල ඉන්න කෙල්ලෝ ගණිකාවෝ උනත් නැතත් එයාට මොකද.. එයාගේ වචන වලින් පේන්නේ එයාගෙම පහත් මානසිකත්වය විතරයි. ඔබ අවශ්‍ය වෙලාවේ කිව යුතු දේ කීම අගය කල යුතුයි, අද ගොඩක් කෙල්ලන්ට හා කොල්ලොන්ට ඔය ආත්ම විශ්වාසය නැහැ, මිනිස්සු වගා කරන දේ ඒ මිනිස්සුන්ට ලැබෙනව, ඔය වගේ මිනිස්සු ගැන මමත් පුද්ගලිකව දන්නව, කාලය සමග ඔවුන් පසුතැවේවි.
    මේ මගේ පළමු කොමෙන්ටුව ඔබේ බ්ලොග් අඩවියේ, නැවත එන්නම්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අවන්හලට ගොඩවැදුණට...
      ඔබ සිතට නැගුණ දේ නොසගවා පවසන්නියක් වගෙයි... ඔබේ මතයට ගරු කරනවා.... සැබැවින්ම ඔබ පවසන්නා සේ හැම කෙනාටම පසුතැවෙන්න දිනයක් එනවා... අනිවාර්යෙන්ම තමන්ගේ පව් ගැන හිතන්න වෙන දවසක්... එදාට එයාල සෑහෙන්න දුක්වෙයි
      හැකි සෑම මොහොතකම පැමිණෙන්න... ස්තූතියි නැවතත්

      Delete
  13. ගැණුද පිරිමිද බල්ලන්නේ නැතුව වැරැද්ද දුටු තැන ඊට එරෙහි වීම බොහොම හොඳ ගුණයක් යාලුවා .... ඒ වෙනුවෙන් ලෝකයා කියන දේ ගැන ඒ තරම් හිතන්න යන්න එපා

    ReplyDelete
    Replies
    1. හිතන්න වෙන වෙලාවල් තියෙනව... ඒත් මක් කරන්නද හිතන්න කලින් හිතට එන දේ කියල ඉවරයි නෙව... ඒක මගෙ තියෙන බොහොම නරක ගතියක්... ඒත් ඒ හින්ද කියන්න ඕන දේ නිරායාසයෙන්ම පිටවෙනව...
      ස්තූතියි අවන්හලට ගොඩවැදුනට... හැකි සෑම විටම පැමිණෙන්න... ඔබේ ලිපිත් මං ආසාවෙන් කියවනව... ඇත්තටම එයින් මං ළබාගත් දැනුමත් විශාලයි කියන්න පුලුවන්

      Delete
  14. වැරැද්දක් දැක්ක තැන නිවැරදි කිරීම නොවෙන නිසයි රටට මෙහෙම වෙලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. හ්ම්.... වැරදි දැක්ක තැන කතා කරන්න මිනිස්සු බයයි....
      කතා කරන්න පුලුවං වෙලාවට කතා කරනනෑ... කුහකයි

      Delete
  15. //ඕන කෙනෙකුන් හා විවෘතව කතා බස් කිරීමට ඈ සමත්ය... එනිසා ඇයට ඇති තරම් මිතුරන් වෙයි...// ඒක ඇයි වැරැද්දක් හැටියට මිනිස්සු දකින්නේ? අසාධාරණයි!!!

    ReplyDelete
    Replies
    1. ඒක තමා මිනිස්සුන්ගෙ තියන කුප්ප ගතිය... නැත්තං කුහක කම...
      ස්තූතියි අවන්හලට ගොඩවැදුණට... එන්න දිගටම...

      Delete