Sunday, December 22, 2013

මස් වැද්දා....

නිදිවරව ස
අහස මස්තකව හි
වලාකුල් අස්සෙන්
මිහිතලය සිප
නුරාකම් පාන සද
සඳ නුරා රැගුම් දැක
කෝළයෙන් විළිබරව
සැගව ගිය මල්පොට්ටු
නිදිවරව හුන්
සඳ කුමරියකට
ආලකම් කීවා.........
උන් ආලකම් දැක
විපිළිසර ධනුද්දර තෙමේ
කෙලෙස් මර හීයකින්
කුමරි මුසපත් කරන්
ඈ රැගෙන වන වැදුණෙ
ආල මල් පරවුණා
සඳ සොවින් වැලපුණා
මලේ කෝමල පෙති අතර
රුහිරු බිඳු ඉහිරුණා...........

No comments:

Post a Comment