Monday, November 25, 2013

හීන සමනලී

අපෙ මතක මුණ ගැහෙන
අතීතේ වෙලී මම
දග කරන නුඹෙ කෙහෙරැල්ල
පිරිමදිනවා එක සීරුවට
පුංචි ඇස් තව හීනි කරන්
බලන හැටි අමනාපයෙන්
රතුවෙලා තරහවෙන්
සුදු මූණ හරි දුකින්.....
ඒ දවස් ආයෙමත්
එන්නෙ නෑ නේ ඉතිං
බෝ දුරක් ඔබ ගිහින්
තව අතක පැටලෙමින්
ඉස්සරම දවසක වගේ
ඔබ එක්ක ඇවිද ගිය
මල් වැටුණ පාර දිග
ඔබ දැක්ක ඔහු එක්ක
රිදුණ හරි හරියට හිත
උහුතන්න බැරි තරමටම
ආදරේ ගුලි කරන් මම
හිතින් අඩනවා තවම....... 

No comments:

Post a Comment