Wednesday, November 6, 2013

මතකයන්

බලන බලන අත
නුඹවම පේනවා
දකින දකින රුව
නුඹදැයි හිතෙනවා
ඇසෙන ඇසෙන හඩ
නුඹගෙයි හිතෙනවා
නුඹෙ සුවද පාවෙලා ඇවිදින්
මගෙ හිත රිදෙනවා........
නෙතු පියා හිදින්න සිතුවත්
මතකයෙන් එබී ඇවිදින්
නින්ද නෑ රැයේ තුන්යම
සිහිනයක් වෙලා ඇවිදින්
සැනසුම උදුරා අරගෙන
කදුලැල්ලම බෙදනවා........
සැගව ඉන්න සිතුවත්
නෙතු අබියස නුඹ මැවෙනවා
නුඹේ කදුළු මතකය
තවමත් මා රිදනවා.......
නොඇසෙනා මානයක ඉන්නට
නොපෙනෙනා දුරක යන්නට
මතක බිම දමා යන්නට
හිතෙන හිතෙන හැම මොහොතෙම
කදුළු පිරුණු නුඹේ උවන
මගෙ සිතුවිලි බිදිනවා....
අන් සතුව අන් තුරුල්ලක
නුඹ සුවෙන් හිදින සද
දැවි දැවී නුඹ නමින්
පළමු ආදරේ නුඹෙ
නොමැරී මැරෙනවා........

No comments:

Post a Comment