Saturday, November 30, 2013

කදුළු බිංදුව

උණු කදුළු වැටුණාවේ
නෙතු දෑල තෙමුණාවේ
නුඹ නැතිව මගේ ළග
සිනහ නොම රැදුණාවේ....

නික්මන

සිනා මලක් වී
නුඹ පිපුණත්
සුවද දැනෙන්නෑ
පෙර වාගේ.....
කදුළු ගගක් දී 
නුඹ ගිය දවසේ
සුවද දියවුණා
ආදරයේ.......
හීන ගෙනත් දී
ලොවම මගෙ කියා

Friday, November 29, 2013

අසමි නුඹ..

නුඹ ලියපු කව
හිතම හඩවපු තරම්
අපෙ මතකයන් මැද
මාව තනි කරන්
මගෙ ළගින් උන්නු නුඹ
දුර සැගව ගිහින්
නෙතු කදුළු පිසලාන
එන්න නුඹ සොයන්

Wednesday, November 27, 2013

නෙල්ලි-01

දර්ශන සර්ගෙ සිංහල පංතිය ඉවර උනා විතරයි. සර් පංතිය ඉස්සරහ කෙටි වේදිකාව උඩට වෙලා ළමයි පංතියෙන් එළියට යන හැටි හිනා වෙවී බලං ඉන්නව. සර් හිනා වෙන කොටත් මාර ගතියක් තියෙනව කියල මට හිතුන. මෙච්චර වෙලා සර් දිහා බලං හිටපු මාත් නැගිට්ට. ගෑණු ළමයි පිරිමි ළමයි කළවමට තමං නැගිටල හිටපු බංකු වලින් නැගිටල අපිළිවෙලට හරි කළබලයකින් වගේ ඉස්සරහ දොරකොඩින් පිටවෙනව. ඉක්මනට එළියට ගියපු අය හිනාවෙවී තමන්නෙ සගය එනකං ඉන්නෙ අපෝ ඔයා හරි ස්ලෝ නෙ කියන්න වගේ. තවත් හිටපු තැන හිටං ඉන්නෙ මොකටද කියල මාත් තෙරපි තෙරපි පංතිය ඉස්සරහ සිමෙන්ති බැම්ම පහු කරගෙන එළියට ආවා. තෙරපෙන එකත් නරකම නෑ කියල හිතුනෙ මං ඉස්සරහයි පිටිපස්සෙයි හිටපු ගෑණු ළමයි දෙන්න හිංදද  කොහෙද... එළියට ආපු ගමන් ඇතුගල්පුර ගිනියමට මුළු ඇගම පිච්චුණා වගේ. ඇතුගල රත් වෙන කොට මුළු ටවුමම රත්වෙනව. ඇතුගල්පුරටම ආවේණික ඒ රස්නය අපට කොයිතරං හුරු වුණත් එක පාරටම මුළු කුරුණැගලම පුච්චගෙන වගේ හමන හුළං රැල්ල නං ඕනම නෑ කියල ඒ වෙලාවෙ මට හිතුණ.

නෙල්ලි-00

කෝ බං නෙල්ලි......

මොකද්දෑ මේ නෙල්ලි කතාව මචං....

කවද්ද දැං ඕක දාන්න හිතං ඉන්නෙ අපි වල කජ්ජ ගැහුවමද...?

පහුගිය ටිකේම කට්ටියම මගෙන් අහන්නෙ මේ නෙල්ලි කතාව මොකද්ද කියලම තමයි... බැනුං කෝටියයි. අහන එව්වට උත්තර දුන්නාම කිසි ගතියක් නෑනෙ බං.... ටිකක් ඉවසපත්තලා කීවට කොහෙදෑ  මුංට ඕනම මාව භක්ෂනය කරන්නමයි. ඉතිං අද මේ නෙල්ලි කතාව පටං ගන්නයි යන්නෙ. නෙල්ලි කියන්නෙ මොකද්ද කියලා විස්තර කරන්න ගියොත් තව කුණු කතා ටිකක් නං ෂුවර්...(හි..හි..) මොකද  ඒක කියන්න ගියොත් කට්ටියට මගෙ බ්ලොග ට කලිං මාව තමා එපා වෙන්නෙ. ඉතිං වැඩි අටුවා ටීකා නැතිව මං වැඩේ පටං ගන්නම්. හැබැයි අද මං දෙන්නෙ පොඩි කමිං කෑල්ලක් විතරයි... හොදම හරිය තව ඉස්සරහට... ඉතිං ඉවසගෙන මාත් එක්ක ඉන්න කියල ඔයාල හැම කෙනාටම කියන ගමං අපි පටං ගමු එහෙනං..........

Monday, November 25, 2013

ඔයා නිසා

සදට තරුව සේ සැමදා ළග ඉන්න
දෑතට තුරුළු වී ඔබෙ උණුහුම ගන්න
මතු සසරේ වත් ඔබ හා එක් වන්න
උතුරන සෙනෙහසින් දෝතක් මට දෙන්න......
ඔබ හා ගෙවුණ ඒ කාලය සිහි වෙනවා

හීන සමනලී

අපෙ මතක මුණ ගැහෙන
අතීතේ වෙලී මම
දග කරන නුඹෙ කෙහෙරැල්ල
පිරිමදිනවා එක සීරුවට
පුංචි ඇස් තව හීනි කරන්
බලන හැටි අමනාපයෙන්
රතුවෙලා තරහවෙන්
සුදු මූණ හරි දුකින්.....
ඒ දවස් ආයෙමත්

Tuesday, November 19, 2013

පැතුම

වසන්තයේ සීතල දෑතට මිටි කරන්
අදුරු බර ගුවනට රිදී රේඛා අරන්
කුණාටු සයුරට නිසසල වැසි අරන්
නුඹ ආවේ මගේ ලොවට සිහින දොරගුළු ඇරන්.....

Sunday, November 17, 2013

මතක සුවඳ

පිච්ච මල් පිපී
සුවඳින්
සිතම මා දොවයි
එක්ව කී කතා
දෙසවන
දෝංකාර දෙයි....

පාරමිතාව

පුරුදු නිසා නෙත් යුග
හමුවෙන්න ඇතී
සසර පුරා සෙනෙහස
මට දෙන්න ඇතී

Wednesday, November 13, 2013

කවි-ඔයා

කවි
ඔයා නෑ....
කවිය
ඔයා
සත්තමයි
පද ගොතලා
තාල දැමූ
කවිය ඔයා....

Tuesday, November 12, 2013

කදුළු අහුර

කදුලක ගිලී මියැදෙන්න නොදී
නුඹ නමින් වන මතක
හිත් කොනක පණ ගැන විට
වැලලි ගිය අපෙ පෙ
සොහොන් කළ මතක බිම
සොයාගත නොහැකිව වෙහස වී
සොය සොයා පීරමින් හැම අත
කිසිත්, කිසිවක් නොලැබ ගිය කල

Monday, November 11, 2013

යාදින්න

හඬ නගා ‍තෙපලපන්
ගුගුරවා වැලපියන්
විඩාබර වූ නෙතට
කර්කෂව දැවි මිහිමතට
ජීවිතය යළිත් ගෙන
පිබිදියන්......
වැස්ස නුඹ වහී නම්
සරු බවත්
දඬුවමත් ගෙන

Friday, November 8, 2013

පුංචි සමනලියේ...

මට ඔයාව මතක් වෙනව... හරි හරියට මතක් වෙනව.... ඒත් ඔයාට මාව මතකයිද මට හිතෙනව.. දන්නවද එක දවසට සිය පාරකට වැඩිය මට ඔයාව මතක් වෙනව කියල...ඒ අපේ ලස්සන දවස් වලට ලෝබ කමින් මං හූල්ලනව කියල... ඔයා දුර ගියපු තරම.... ආයෙමත් හම්බවුනෙත් නෑ මට..... ඔයා මට හම්බවෙනකොටත් මම කවි ලියනව... අදත් ලියනව... මං එදත් ලිව්වෙ ඔයාට..... අදත් මං ලියන්නෙ ඔයාට... ඔයාට කියවන්න ලැබෙන්නෑ කියල  මං දන්නව..... එදා වගෙම අදත් මං ලියන්නෙ ඔයාට.... ඒත් අද වෙනසක් තියෙනව.... ඉස්සර මං ලියපුව මුලින්ම කියෙව්වෙ ඔයා.... ඒවගෙ වැරදි කියල හරිගැස්සුවෙත් ඔයා... ඒගෙ කැත ලස්සන කිව්වෙ ඔයා...මං තවත් ලියනව... ඔයා ගැන.. ඔයාට නෙමේ.. මට.. හිතේ දුක අඩුවෙයි කියල හිතාන ලියනව....

Wednesday, November 6, 2013

මතකයන්

බලන බලන අත
නුඹවම පේනවා
දකින දකින රුව
නුඹදැයි හිතෙනවා
ඇසෙන ඇසෙන හඩ
නුඹගෙයි හිතෙනවා
නුඹෙ සුවද පාවෙලා ඇවිදින්
මගෙ හිත රිදෙනවා........
නෙතු පියා හිදින්න සිතුවත්
මතකයෙන් එබී ඇවිදින්
නින්ද නෑ රැයේ තුන්යම
සිහිනයක් වෙලා ඇවිදින්
සැනසුම උදුරා අරගෙන
කදුලැල්ලම බෙදනවා........
සැගව ඉන්න සිතුවත්