Tuesday, December 31, 2013

සුභ නව වසරක් වේවා....

හෙට දවස
පිටු තුන්සිය හැට පහක
අළුත් පොතක
පළවෙනි
හිස් පිටුව වගෙයි
හොද දෙයක් ලියන්න
හොද සිතුවිල්ලකින්
අළුත් ආරම්භයක්
ගන්න.......

Friday, December 27, 2013

නුඹ සහ මම

ඈත අතීතයෙ දවසක
එකෝමත් එක මොහොතක
උන්නු හැටි අපි ආදරෙන්
මතක් වෙනවා ආයෙ ආයෙත්
හිත හුගක් රිද්දමින්.....
නුඹ යන්න ගිය වෙලේ
මගෙ ළගින් නික්මිලා
අහස් කුස රතු කරන්
මළ හිරුත් බැස ගියා
මට තාම මතකයි.......
පුර හත් පායාවි

Wednesday, December 25, 2013

මරණය

ඉකිගසා හැඩුවෝ උහු
මිරිකෙනා කල ද්වේෂයේ හස්තයෙන්
බියෙන් ඇලලී
හෙට දිනක් නොදැකම
මියගියෝ..........
ගුගුර ගුගුරා කඩා පනිනා
වියරුවේ මර දූතයෝ
උදුර උදුරා සිදළුවෝ

Monday, December 23, 2013

දැන් පෙන්නනවා....... දැන් පෙන්නනවා.......වරද කාගෙද.....?

හීන අරුමෝසම්
මවන ගෙත්තම්
පෙනෙයි පුරහ
මැද අමාවක.......
කියන විගඩං
කරන ගොංකං
කටත් බලියං
අපිත් හොල්මං.........

Sunday, December 22, 2013

මස් වැද්දා....

නිදිවරව ස
අහස මස්තකව හි
වලාකුල් අස්සෙන්
මිහිතලය සිප
නුරාකම් පාන සද
සඳ නුරා රැගුම් දැක
කෝළයෙන් විළිබරව
සැගව ගිය මල්පොට්ටු
නිදිවරව හුන්
සඳ කුමරියකට
ආලකම් කීවා.........
උන් ආලකම් දැක

Thursday, December 19, 2013

අම්මේ...

කුස හොවාගෙන දහදුක් විදින කොට
ඇයි නොවැටුණේ ඔබෙ දෑසින් කදුළු කැට
දෑසට නින්ද නොලැබෙන විට හැම රෑට
කුස පිරි මැද්දෙ නිදි කරවන්නද මාව..........

නුඹ නැතිදා....

හිනාවෙන්න ආසයි මට
ඇස් කෙවෙනි පිරුණත් කදුළු කැට
එනව නම් ආසයි තවත්
නොඑන වග දන්නව වුණත්.....

මල් පිපෙනවා තමයි ඇස් අස
ආදරෙන් හිනැහෙනව වගෙයි
ඒ වුණත් නුඹ වගෙ නෙමෙයි
නුඹට විතරක් ආදරෙයි......

Tuesday, December 17, 2013

උඹයි මමයි

උඹට මම
තවත් එක
මතකයක්
විතරක්ම වෙන්නැති.........
ඒ උණත්
මට උඹව
පරණ සිංහල

ආදරෙයි...... ඔබෙන් ලද හැම දෙයට

අපි එකට එක්වෙලා
ඇවිද ගිය මාවතේ
කටු පදුරු මතුවෙලා
දුර යන්න බෑ තවත් 
වේදනාවෙන් මිරිකිලා
මං මුළාවූ ජීවිතේ
හුදෙකලාවෙන් මගේ හිත
තවම සොයනවා 
හිත බැදි ආදරේ.....
ආපසු හැරෙනු නොහැකී
පෙර මගද අවිනිෂ්චිතයි
තවම මේ හිත ලෙංගතුයි

Thursday, December 12, 2013

පින....

හීන් සීතලක් තියෙන සෙලින්කෝ ඔෆිස් එකේ වීදුරු දොර ඇරගෙන මං එළියට ආව. ක්‍රීම් පාටට හුරු දිලිසෙන ටයිල් අල්ලල තියෙන  පඩිපෙල බැහැගෙන ඇවිත් කොන්ක්‍රීට් අතුරල හදල තියෙන මිදුලට බහිනකොටම වගේ ඉස්සරහට හම්බවුණ පරණ යාළුවෙකුටත් හිනාවෙලා පරක්කු උණා යන්නම් මචං... පස්සෙ හම්බුවෙමු කියාගෙන මං පාර දිහාට පල්ලම් බැස්ස. කොළඹ නුවර පාර ගාවට ඇවිත් පාරෙ උඩහ පැත්ත බැළුවෙ ටවුමට යන්න බස් එකක් එනවද බලන්න. ඈතින් හිමීට හිමීට එනව දැකපු රඹුක්කන ඉදන් කෑගල්ලට එන පරණ පාට රෝස වෑන් එක දැකල මම ටිකක් නතර වුණා. ඒක එන වේගෙත් එක්ක බලපුවම ඊට කලින් ටවුමට යාගන්න පුළුවන් කියල හිතුනත් කකුල් දෙක ටිකක් මාව කම්මැලි කරපු නිසා මම නැවතිලා බලන් හිටිය. හිමීට හිමීට ආපු බස් එකට අත දාන්නෙත් නැතුවම එල්ලිලා පුට් බෝඩ් එකේම හිටගත්ත. දම් පාට මහත ඉරි ඇදල සුදු පාට ගාල තිබුණ රෝස එකට වගේම ඒකෙ ඩැයිවර උන්නැහේටයි කොන්දාස්තර තැනටයි තිබ්බෙත් මහ කම්මැලි පෙනුමක්. හිමීට හිමීට ආපු බස් එක හිමීට හිමීටම ටවුම දිහාට පල්ලම් බහින්න ගත්තෙ ආයෙ වෙන වාහනයක් පාරෙ එන් නැතිවෙයි කියල වගේ. රෝස එක එනව දැකල අතේ ගුලි කරන් හිටපු රුපියල් දහයෙ කාසිය මං කොන්දොස්තර උන්නැහේට දීල ආයෙම පාර දිහා බලාගත්ත. එක එක මිනිස්සු යනව උඩහට යනව පල්ලහට හැමතැනම යනව. ඒත් මේ කිසි කෙනෙක් එක වගේ නෑ නේද කියල මට නිකමට හිතුණ. එක එක පාට ඇදගත්තු එක එක උදවිය. හිමීට හිමීට ආපු රෝස බස් එක ඔරලෝසු කණුව ළග ඉර ගාව පාර පනින්න හිටපු වයසක අම්ම කෙනෙක් දැකල වේගෙ අඩුකළා. ලංකාවෙ ට්‍රැෆික් වලදි බයික් ත්‍රීවීල් වගේ වාහන හරියටම මාර්ග නීති පිළිපදිනව කියල දන්න හින්ද කෝකටත් පස්ස බලලම මාත් එතනින්ම බස් එකෙන් පැන ගත්ත. ප්‍රයිවෙට් බස් එක්ක මේ වගේ වෙලාවට යනවට වඩා බර කරත්තෙක යන එක හොදයි කියල දන්න හින්ද මං කහ ඉර මාරු වෙලා සී.ටී.බී බස් නවත්තලා තියෙන තැනට හෙමිහිට  ඇවිදගෙන ආව. කුරුණැගල බෝඩ් එක ගහල තිබුණ ලේලන්ඩ් බස් එක තව විනාඩි 5කින් පිටත් වෙනව කියල කොන්දොස්තර මහත්තය කියපු හින්ද පිටි පස්ස දොරෙන් නැගල බස් එකේ ඉස්සරහ සීට් දිහාවෙ බෙල්ල කරකෝ කරකෝ බැලුවෙ වාඩිවෙන්න පුළුවන් සීට් එකක් හොයාගන්න පුළුවන්ද බලන්න. බස් එකේ මැදට වගේ වෙන්න දකුණු පැත්තෙ සීට් එකක එක්කෙනෙකුට වාඩි වෙලා යන්න පුළුවන් තරමෙ ඉඩක් ඉතුරු වෙලා තියෙනව දැකල කෝකටත් කියල එතෙන්නට ගියා. එක්ස්කියුස් මී... මෙතන කවුරුවත් ඉන්නවද දන්නෑ... සුදු පාට බ්ලවුස් එකක් ඇදල සුදු පාටම දිග සායක් ඇදල සුදු පාටෙන්ම හදපු කොණ්ඩ බෝලයක් දාගෙන හිටපු වයස හතලිහක් විතර හිතෙන ඇන්ටි කෙනෙක්ගෙන් මං ඇහුව. නෑ.. කියල එයා ජනේලෙන් අහක බලා ගත්ත. එතකොටයි මම දැක්කෙ එයා අතේ තිබුණ බෑග් එකත් සුදු පාටයි කියල. මොකක් හරි පිං අතේ වැඩකට ගිහින් එනව වෙන්නැති කියල මට හිතුණ.  ජනේලෙන් එළිය පැත්ත බලල ආයෙත් මං දිහාවෙ බලද්දි මං හිනා වුනත් එයා නිකංම අහක බලාගත්තු හින්ද  මාත් ඉස්සරහ බලාගත්ත.

Monday, December 9, 2013

මියැදුණි සෙනෙහස....

ආරම්භය
අවසානයද වී
වියරුවෙන් ගිනිවැදී
හුස්ම ගන්නත් පෙරම
ගෙල මිරිකා මරා හල
ලේ කැටි සෙනෙහසක
වරදකාරී නුඹ....
උඹ කළ පවට
දුක් විදින මම...
හණමිටි මලකඩ කතුරකින්

Wednesday, December 4, 2013

සීතලම පෙම් කදුළ

මා එක්ක
දිනෙක නුඹ
ඇවිද ගිය පාර දිග
තනිකමෙන් විඩාවී
ඇවිද ගිය එක් දිනෙක
අපි එකට ඉද උන්නු
තරහ වුණු යාළු වුණු
හසරැල්ල කදුලැල්ල
ආදරෙන් බෙදාගත්
රොබෝරෝසියා ගහ මුල
සීතල සිමෙන්ති බංකුව
හමුවුණා අද මට.........
මොහොතකට වාඩිවී
අතීතේ එක් දිනෙක
ගිලිහි ගිය සීතලම පෙම් කදුලක්

Sunday, December 1, 2013

නොමියෙන මතක

වසන්තය මල් වරා
නුඹ මගේ නොවෙ කියා
කිරි සිනහ මියැදිලා
ලොවම කදුලක් වෙලා.....
නිදි වරන රැය පුරා 
නුඹ ගැනම සිහි කළා
වෙනකකුගෙ අත පතා

Saturday, November 30, 2013

කදුළු බිංදුව

උණු කදුළු වැටුණාවේ
නෙතු දෑල තෙමුණාවේ
නුඹ නැතිව මගේ ළග
සිනහ නොම රැදුණාවේ....

නික්මන

සිනා මලක් වී
නුඹ පිපුණත්
සුවද දැනෙන්නෑ
පෙර වාගේ.....
කදුළු ගගක් දී 
නුඹ ගිය දවසේ
සුවද දියවුණා
ආදරයේ.......
හීන ගෙනත් දී
ලොවම මගෙ කියා

Friday, November 29, 2013

අසමි නුඹ..

නුඹ ලියපු කව
හිතම හඩවපු තරම්
අපෙ මතකයන් මැද
මාව තනි කරන්
මගෙ ළගින් උන්නු නුඹ
දුර සැගව ගිහින්
නෙතු කදුළු පිසලාන
එන්න නුඹ සොයන්

Wednesday, November 27, 2013

නෙල්ලි-01

දර්ශන සර්ගෙ සිංහල පංතිය ඉවර උනා විතරයි. සර් පංතිය ඉස්සරහ කෙටි වේදිකාව උඩට වෙලා ළමයි පංතියෙන් එළියට යන හැටි හිනා වෙවී බලං ඉන්නව. සර් හිනා වෙන කොටත් මාර ගතියක් තියෙනව කියල මට හිතුන. මෙච්චර වෙලා සර් දිහා බලං හිටපු මාත් නැගිට්ට. ගෑණු ළමයි පිරිමි ළමයි කළවමට තමං නැගිටල හිටපු බංකු වලින් නැගිටල අපිළිවෙලට හරි කළබලයකින් වගේ ඉස්සරහ දොරකොඩින් පිටවෙනව. ඉක්මනට එළියට ගියපු අය හිනාවෙවී තමන්නෙ සගය එනකං ඉන්නෙ අපෝ ඔයා හරි ස්ලෝ නෙ කියන්න වගේ. තවත් හිටපු තැන හිටං ඉන්නෙ මොකටද කියල මාත් තෙරපි තෙරපි පංතිය ඉස්සරහ සිමෙන්ති බැම්ම පහු කරගෙන එළියට ආවා. තෙරපෙන එකත් නරකම නෑ කියල හිතුනෙ මං ඉස්සරහයි පිටිපස්සෙයි හිටපු ගෑණු ළමයි දෙන්න හිංදද  කොහෙද... එළියට ආපු ගමන් ඇතුගල්පුර ගිනියමට මුළු ඇගම පිච්චුණා වගේ. ඇතුගල රත් වෙන කොට මුළු ටවුමම රත්වෙනව. ඇතුගල්පුරටම ආවේණික ඒ රස්නය අපට කොයිතරං හුරු වුණත් එක පාරටම මුළු කුරුණැගලම පුච්චගෙන වගේ හමන හුළං රැල්ල නං ඕනම නෑ කියල ඒ වෙලාවෙ මට හිතුණ.

නෙල්ලි-00

කෝ බං නෙල්ලි......

මොකද්දෑ මේ නෙල්ලි කතාව මචං....

කවද්ද දැං ඕක දාන්න හිතං ඉන්නෙ අපි වල කජ්ජ ගැහුවමද...?

පහුගිය ටිකේම කට්ටියම මගෙන් අහන්නෙ මේ නෙල්ලි කතාව මොකද්ද කියලම තමයි... බැනුං කෝටියයි. අහන එව්වට උත්තර දුන්නාම කිසි ගතියක් නෑනෙ බං.... ටිකක් ඉවසපත්තලා කීවට කොහෙදෑ  මුංට ඕනම මාව භක්ෂනය කරන්නමයි. ඉතිං අද මේ නෙල්ලි කතාව පටං ගන්නයි යන්නෙ. නෙල්ලි කියන්නෙ මොකද්ද කියලා විස්තර කරන්න ගියොත් තව කුණු කතා ටිකක් නං ෂුවර්...(හි..හි..) මොකද  ඒක කියන්න ගියොත් කට්ටියට මගෙ බ්ලොග ට කලිං මාව තමා එපා වෙන්නෙ. ඉතිං වැඩි අටුවා ටීකා නැතිව මං වැඩේ පටං ගන්නම්. හැබැයි අද මං දෙන්නෙ පොඩි කමිං කෑල්ලක් විතරයි... හොදම හරිය තව ඉස්සරහට... ඉතිං ඉවසගෙන මාත් එක්ක ඉන්න කියල ඔයාල හැම කෙනාටම කියන ගමං අපි පටං ගමු එහෙනං..........

Monday, November 25, 2013

ඔයා නිසා

සදට තරුව සේ සැමදා ළග ඉන්න
දෑතට තුරුළු වී ඔබෙ උණුහුම ගන්න
මතු සසරේ වත් ඔබ හා එක් වන්න
උතුරන සෙනෙහසින් දෝතක් මට දෙන්න......
ඔබ හා ගෙවුණ ඒ කාලය සිහි වෙනවා

හීන සමනලී

අපෙ මතක මුණ ගැහෙන
අතීතේ වෙලී මම
දග කරන නුඹෙ කෙහෙරැල්ල
පිරිමදිනවා එක සීරුවට
පුංචි ඇස් තව හීනි කරන්
බලන හැටි අමනාපයෙන්
රතුවෙලා තරහවෙන්
සුදු මූණ හරි දුකින්.....
ඒ දවස් ආයෙමත්

Tuesday, November 19, 2013

පැතුම

වසන්තයේ සීතල දෑතට මිටි කරන්
අදුරු බර ගුවනට රිදී රේඛා අරන්
කුණාටු සයුරට නිසසල වැසි අරන්
නුඹ ආවේ මගේ ලොවට සිහින දොරගුළු ඇරන්.....

Sunday, November 17, 2013

මතක සුවඳ

පිච්ච මල් පිපී
සුවඳින්
සිතම මා දොවයි
එක්ව කී කතා
දෙසවන
දෝංකාර දෙයි....

පාරමිතාව

පුරුදු නිසා නෙත් යුග
හමුවෙන්න ඇතී
සසර පුරා සෙනෙහස
මට දෙන්න ඇතී

Wednesday, November 13, 2013

කවි-ඔයා

කවි
ඔයා නෑ....
කවිය
ඔයා
සත්තමයි
පද ගොතලා
තාල දැමූ
කවිය ඔයා....

Tuesday, November 12, 2013

කදුළු අහුර

කදුලක ගිලී මියැදෙන්න නොදී
නුඹ නමින් වන මතක
හිත් කොනක පණ ගැන විට
වැලලි ගිය අපෙ පෙ
සොහොන් කළ මතක බිම
සොයාගත නොහැකිව වෙහස වී
සොය සොයා පීරමින් හැම අත
කිසිත්, කිසිවක් නොලැබ ගිය කල

Monday, November 11, 2013

යාදින්න

හඬ නගා ‍තෙපලපන්
ගුගුරවා වැලපියන්
විඩාබර වූ නෙතට
කර්කෂව දැවි මිහිමතට
ජීවිතය යළිත් ගෙන
පිබිදියන්......
වැස්ස නුඹ වහී නම්
සරු බවත්
දඬුවමත් ගෙන

Friday, November 8, 2013

පුංචි සමනලියේ...

මට ඔයාව මතක් වෙනව... හරි හරියට මතක් වෙනව.... ඒත් ඔයාට මාව මතකයිද මට හිතෙනව.. දන්නවද එක දවසට සිය පාරකට වැඩිය මට ඔයාව මතක් වෙනව කියල...ඒ අපේ ලස්සන දවස් වලට ලෝබ කමින් මං හූල්ලනව කියල... ඔයා දුර ගියපු තරම.... ආයෙමත් හම්බවුනෙත් නෑ මට..... ඔයා මට හම්බවෙනකොටත් මම කවි ලියනව... අදත් ලියනව... මං එදත් ලිව්වෙ ඔයාට..... අදත් මං ලියන්නෙ ඔයාට... ඔයාට කියවන්න ලැබෙන්නෑ කියල  මං දන්නව..... එදා වගෙම අදත් මං ලියන්නෙ ඔයාට.... ඒත් අද වෙනසක් තියෙනව.... ඉස්සර මං ලියපුව මුලින්ම කියෙව්වෙ ඔයා.... ඒවගෙ වැරදි කියල හරිගැස්සුවෙත් ඔයා... ඒගෙ කැත ලස්සන කිව්වෙ ඔයා...මං තවත් ලියනව... ඔයා ගැන.. ඔයාට නෙමේ.. මට.. හිතේ දුක අඩුවෙයි කියල හිතාන ලියනව....

Wednesday, November 6, 2013

මතකයන්

බලන බලන අත
නුඹවම පේනවා
දකින දකින රුව
නුඹදැයි හිතෙනවා
ඇසෙන ඇසෙන හඩ
නුඹගෙයි හිතෙනවා
නුඹෙ සුවද පාවෙලා ඇවිදින්
මගෙ හිත රිදෙනවා........
නෙතු පියා හිදින්න සිතුවත්
මතකයෙන් එබී ඇවිදින්
නින්ද නෑ රැයේ තුන්යම
සිහිනයක් වෙලා ඇවිදින්
සැනසුම උදුරා අරගෙන
කදුලැල්ලම බෙදනවා........
සැගව ඉන්න සිතුවත්

Saturday, October 26, 2013

මිරිගුවක් දැක මුලා වී.....

හිතෙනව
ඇති කියල මට
හති වැටුණ
හොදටෝම....
මිරිගුවක් පස්සෙම
දුවල දුවලම
ඇති මට......
යන්න නුඹ....
දුරම යන්න...
ආයෙමත් එන්නෙ නෑ මම

Wednesday, October 23, 2013

ඔයා

දැකපු හීන
පාට කරන්න
මට හම්බුණු
පාට හතරෙ
පාට පෙට්ටිය...

Friday, October 18, 2013

හිච්චි පුතා වෙතටයි.....



ඉර ගලත් වැටී
තව දිනක් ගෙවී
උඹ අදත් නැතී
ඇයි උඹ නාවෙ අදත්
මගෙ හිච්ච් පුතේ...
උඹ පොඩි දවස් වල
මගෙ සුළගිල්ලෙ පැටලිලා
වෙලේ ඕවිටේ දෙනිවල
ඇවිදං ගියපු දවස් වල
මතකයි උඹ කිව්ව මට
හුරතලෙන් කට උල් කරාන
තාත්තත මේ..මේං මෙත්තලක් ආදලෙයි...
බලල යන්නවත් උඹෙ තාත්තව
කවද්ද එන්නෙ උඹ
හිච්චි එකෝ.....
පණ කෙන්ද මියැදෙන්න කළියෙන්
උඹෙ මූණ පොඩිත්තක්

Tuesday, October 15, 2013

මායම්කාරී නුඹ

සකිය නුඹ වැරදි නැත
වැරදිකරු මා නිසා
නුඹ මැවූ සෙනෙහස
මහමෙරකැයි මම රැවටුන නිසා....
සකිය නුඹ වැරදි නැත
මිරිගුවක මන බදන රූ දැක
පෙම් කැර තුබූයේ
මා පමනක් නිසා....
සකිය නුඹ වැරදි නැත

ආදරී...

නුඹේ මතකය
මන්දාරම් අහසක්ව
අනෝරා වැස්සක්ව
මහිත් පොළව මත්තේ
හිත් පිත් නැතිව ඇදවැටී
වියළි මතකයන්
දිය කරන්නට පෙර
මියෙන්නට අවැසිය මට....
නුඹේ මතකයන් පිරි

Monday, October 14, 2013

නොවෙන අමතක නුඹේ මතකය

සිහින පොදි බැදන් ඉන්නට
බෑ ඉතින් තවත් දුකයි හිතට
නුඹ නොඑන වග දැනෙන විට
නෙතු පිරෙයි කඳුළු මුතු ඇට
නුඹට මම පෙම් කළ තරමට
පෙම් නොකළ බව නුඹ මට
සිතෙන විට ඉකි ගැසෙයි නොදැනිම

මගේ කුළුදුල් පෙම්වතී

පද ගලපා
තාල දමා
ලියාගන්නටත් පෙරම
ලිහී ගිය
කවි පැතුම.......

මතක

මේ විසල් අහස යට
කොහොම හමුවුණාදැයි ඔබ
මතක නැතුවත් මට
ඇසිල්ලක් වුණු
මොහොතක මතකය
තවම මතකයි මට.....
මේ විසල් පොළව මත
කවම කවදා හෝ මට

Friday, October 11, 2013

හීන මල් වැහි

ආයෙමත් නුඹ අවැසි නෑ             මට
ඉදින් නුඹ ගැන සිතනු          කුමකට
මා එපා යැයි පැතූ ඔහු                 හට
පෙන්නන්න ඔබෙ බොරු කදුළු කැට

ගෙවු ගෙවී ගිය පෙර                 දවස්
නුඹ නුඹෙ ඉච්චා නතා               බස්
හිත හිතා ගෙව් ඒ                     දවස්
ගෙනාවේ මට කදුළු පිරි            ඇස්

නැට්ටුක්කාරී

කෝලිත්තං  ඔය ගෙත්තං
ඇස් අස්සෙං හිත අස්සට
හැංගි හැංගි එබිකං පා
සුරංගනා  හීන අරන්
නුඹ ඇවිදින්
ටික කලකට
මගෙත් එක්ක
කුලී මාළිගා හදන්න
නැකත් බලනවා
සමාවෙයං අනංගනා

Wednesday, October 9, 2013

සිහිනයම නුඹ..

සමුදෙමි
සතුටකින් නොව
අහිතකින්
දුක්වෙමි
මගෙන් දුරස්ව
දුර යන නිසා
හිනැහෙමි
දිනෙක යළි
ඔබ හමුවෙතියි
සිතා......

Saturday, October 5, 2013

දොරටුපාල


අනුන්නේ දොරකොඩක
තමන්නේ වගේ හිද
අනුන්ගේ දේ රකින
තමන්ගේම හීනෙටත්
ණය ගැති

කටු මතින් ඉගිලෙන්නට...

ගෙවෙනා දින ගනන් වල
වැලලෙනා හෝරාවන් මැද
අරමුණක් නොමැතිවම
මං මුළා වුනෙමි මම.......
නොලැබෙනා අරමුණු අතර
උන්ටම කඹුරා
විඩා වැටුණි මම

එන්න එපා යළි මගෙ ලොවට..


මලක මෙලෙක සෙව් මුත්
නුඹ කටු ගොඩකී...
තඹර පිරි විලක් පැතු මුත්
නුඹ මඩ වලකී....
මිතුරු කියා රැවටුණ මුත්