Sunday, March 3, 2024

පිටස්තරයෙකුගේ දිනපොත 02 - සැන්දෑ සක්මන්, චණ්ඩිකම්, බයගුළුකම් සහ තල්ලඩි පාලම දක්වා ගමන - Life In Mannar part 02 - A walk to Thallady Railway Bridge.

         

ගුම්මෝනිං මයිය කොල්ලෝ 😏

න්නාරමට ඇවිත් මාස එක හමාරකට වැඩිය ගෙවිල. මන්නාරං පරිච්ඡේදයෙ පළවෙනි කොටස ලියල මාසයක් ගිහිං. ඊට පස්සෙ මොනවත් ලියන්න තරං දෙයක් නොවුණ වගේම, වැඩිය කොහෙවත් යන්න බැරි වුණා. ඒ වගේම ක දිගට ආව වැඩ, රාජකාරීමය බාධාවන් සහ ඒ රාජකාරී ගමන් වල නීරස බව නිසා මොනවත් ලියන්න තරං උද්දීපනයක් තිබුණෙත් නැති තරම්. නමුත් මේ උත්සාහය මොනවම හරි ගලපන්න. ඒ වගේම පූර්ව මන්නාරං පරිච්ඡේදය සහ ‌ මේ කොටස අතර ඇති කාල පරතරයට සමාව ඉල්ලනව.

Sunday, February 25, 2024

ඇත්තටම, මේ අතුරුදහන් වෙන කෙල්ලන්ට මොකද වුණේ..

 


    මේධාවී දික්මාදුගොඩ පරිවර්තනය කරපු මේගන් මිරැන්ඩා විසින් රචනා කරන්නට යෙදුණු All The Missing Girls හි සිංහල පරිවර්තනය “අතුරුදන් යුවතියෝ” කියවල හමාර කරල  ටිකක් වෙලා හිටියෙ ඔළුවට වැටිල තිබ්බ ගැටේ ලිහාගන්න කල් ගන්න. ඊට පස්සෙ මේ රිවිව් ඒක ලිව්ව. ඇත්තටම මේක ලියල සෑහෙන දවසක්. ඒත් අද මූණු පොතේ මේධාවි ගෙ අලුත් පරිවර්තතන ගැන දකිනකංම මේක සටහනක් විදිහට පබ්ලිෂ් නොවුණෙ මගෙ තිබ්බ කම්මැලිකමටම තමයි. ඉතිං ඔයාල මේ කියවන්නෙ අද දවසට ගැලපෙන විදිහට වෙනස්කම් කීපයක් කරපු සටහනක්. 

Wednesday, February 14, 2024

රැහැයියෙකු ගෙන ආ තෘප්තිමය ආනන්දය - කාලාන්තරාව - THE DRAGONFLY EFFECT

             


        රැහැයියාගේ (බ්ලොගර්ල දන්න විදිහට හෝබෝ ටික්කාගෙ) අලුත් පොත මේසය උඩට පියාඹා විත් බොහෝ දිනක් ගත විය. නව ස්ථාන මාරුව හේතුවෙන් මේසය කොණකට වී ලැග් ගැහෙමින් උන් එය ට කාලතරණය කළ හැකි නම් නැවත එයට හිමි නියමිත තැනටම යනවා ඇත. කොහොම හරි පොත කියවා අවසන් කළේ ඊයේ හවසය. මේ සටහන ලියන්නේ අදය. මොළයට වැටී තිබූ සමනල ගැට ටික ලෙහාගන්නටම බොහෝ වෙලාවක් දෙන්නට සිදු වූ නිසාය.

Sunday, February 4, 2024

පිටස්තරයෙකුගේ දින පොත - Life In Mannar

                 ද හතර වෙනිද. මම මෙහාට ඇවිත් අදට දවස් දහ නමයක් වෙනව. මෙච්චරක් දවසක් තිස්සෙම මොන මොනව හරි ලියන්නං,ලියන්නං කියල හිටියත් එකේක වැඩ නිසා මඟෑරිල යනව. අද නිදහස් දවස. ඒ නිසා අද නිදහසේ මේක ලියනවමත් නෙවෙයි. අදත් වැඩ. ඒත් මොනවහරි ලියන්න වෙනදට වඩා ඔළුවට නිස්කාංසුවක් දැනෙනව.

හොඳට බැලුවොත් ඈත මන්නාරං පාලම පෙනේවි. මේ ඔපීසිය ඉස්සරහ ඉදං..

    

Saturday, October 28, 2023

කොල්ලා - Finally, The Worm Turns

          


             වැස්ස වහින්නට ඔන්න මෙන්න තිබියදී කඩයට ගොඩවුණා විතරය. ඔළුවට උඩිං ටක ටක ගා කැරකෙන ලොට ‌ෆෑන් කටුව කැරකුණේ හුළං ඕන නං සල්ලි දීපං කියන්නා සේ ය. හරියට කඩේ මුදලාලි වගේය. මුදලාලිත් ඉන්නේය. ඇති වැඩකුත් නැත්තේය. නැති වැඩකුත් නැත්තේය. මුදලාලි ඇතුවත් බැරිය. නැතත් අවුලක් නැත. ෆෑන් එකත් ඒ වගේය. මේ අංග දෙක හෝටලයට නොතිබුණා කියා වෙනසක් වන්නේත් නැති බව නම් විශ්වාසය. වැස්ස හින්දා ද කොහෙදෝ කඩේ ඇතුලේ තිබුණේ අමුතු උෂ්ණයකි. එළියේ සිසිලසක් රැදුණාට හෝටලය ඇතුලට එන්නට බැරිවා වාගේය. නැතිනම් කැමති නැතිවා වාගේය.

Tuesday, October 24, 2023

සුළු නොවන ප්‍රාතිහාර්යය මවනා දෙපාර්තමේන්තුව

         


හම්බෙන් වගේ මේ අවුරුද්දෙ බුක් ෆෙයාර් එකට යන්න හම්බුණාට කලිං අවුරුදු වල වගේ මොනව ගන්නද, මොනව කරන්නද කියල කිසි අදහසක්, කිසි සැලසුමක් තිබ්බෙ නෑ කියල කියන එක තමා හරි මං හිතන්නෙ. මොකද මේ අවුරුද්දෙ බුක්ෆෙයා යන්න අදහසක් තිබ්බෙම නෑ. ෆේස්බුක් එකෙන් ඉඳ හිටල පොත් ගැන දැක්කට ඒක කවද හරි ගන්නව කියල හිතුවට, හැමදාම වගේ කම්මැලි කම හින්ද ඒ පොත් වල නමක් වත් සටහන් කරල තියා නොගත්ත එකේ බරපතල කම තේරුණේ ප්‍රදර්ශනය පැත්තට ගියාම. ඒ වගේම කාලෙකින් බුක්ෆෙයා එකේ  දැක්ක ලොකුම සෙනඟ කන්දරාව එදා දැක්ක කියල කියන්න පුළුවන්. පුරුදු විදිහට නැතත් පොත් කුටි අතරෙ තෙරපි තෙරපි සැරි සරන ගමං, ගන්නං කියල හිතං හිටපු, ගන්න ඔ්න කියල හිතපු, කාලයක් තිස්සෙ හොයපු සමහර පොත් දැක්කත් කවදාවත් නැතිව ලෙල්ලටම හිඳිල තිබ්බ සාක්කුව නිසා පොත් ගත්තෙ බොහොම පරිස්සමෙන්. ඔන්න ඔය වගේ පොත් කුටි අතර කරක් ගහනකොට තමයි විදර්ශන පොත් කුටියෙ තිබිල හෙල්මලී ගුණතිලක‌ගෙ සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුව මුණ ගැහෙන්නෙ. 

Saturday, October 21, 2023

කඩා හැලෙනා තරු


අදුනන මුහුණු 
නාදුනන ලෙස මුණගැහෙයි
සිහින් මන්දස්මිතයක් පාව එයි.,

Thursday, October 19, 2023

ලේ වවුල්, නරවෘක පරම්පරා තෝම්බුව

         මේ     දවස් වල ලියන්න කියල ඉඳගත්තට ලියන්න කියල කිසි දෙයක් ඔළුවට එන්නෑ. අර සුප්‍රසිද්ධ රයිටර්ස් බ්ලොක් ලෙඩේ වැළඳිලද මංද. සෑහෙන්න වතාවක් ට්‍රයි කරලත් බැරි වුණ නිසා මං බලපු මූවි එකක් ගැන කියන්න හිතුණ. මහ ගොඩක් නෙවෙයි. මේ දඩෙං බේරෙන්න වගේ. නැත්තං අර ලේ උරා බොන වවුලයි, ඉපදෙද්දි වත් කෙස් ගහක් ආසාවට තිබ්බෙ නැති තට්ටයයි මගෙ ඉතුරු කෙස් ටිකත් ගලවනව. 

Saturday, October 14, 2023

ලොරියක්, උන්මත්තකයෙක් සහ පඹයෙක්

             


          වෙලාවේ වෙලාව හවස පහට විතර ඇති.  මම  වැඩ ඇරිලා ගෙදර යන්න බස් එකක් එනකන් බස් හෝල්ට් එකට වෙලා බලාගෙන හිටියෙ.  එතකොටම තමයි මම ඒ මනුස්සයව දැක්කේ.   හොඳට දැකලා පුරුදු මූණක් කියලා මට දැක්ක ගමන්ම හිතුනා. ඒත් මම එක පාරටම නිගමනයකට එළඹෙන්න හදිස්සි නොවී නිවිහැනහිල්ලේ වුණත් බොහොම කුතුහලයකින් ඒ මූණෙ අයිතිකාරයා දිහා බලාගෙන කල්පනා කළේ මේ කවුරු වෙන්න පුළුවන්ද කවද්ද මම මේ මනුස්සයාව දැක්කේ කියන එක ගැන.  පාර යන එන මිනිස්සු දිහා බල  බල ඒ අයට අත දික් කර කර අත දික් කරන ගමන් මැණික් කටුව ලඟින් අත හොල්ලමින්  අසරණ බව පෙන්වන ගමනක යෙදී හිටපු ඒ මුහුණුවර මට අමතක වෙන්න විදිහක් නෑ. එතකොටම තමයි මට ඒ මූණෙ අයිති කාරයා මතක් උනේ හරියටම කිව්වොත් කවුද ඒ වයසක මනුස්සයා කියලා අඳුර ගත්තේ. 

Monday, June 12, 2023

වීණාවක් රැගෙන ගිය දරුවා

 

                            ස්සරෝම කියන්න ඕන මේ සටහනෙන් කියවෙන පොත කියවන්න අංශු මාත්‍රයක  අදහසක් වත් මට තිබුනෙ  නෑ කියල.  මොකද කියනව නං මේ පොත දකිනකං මෙහෙම පොතක් තියෙනවද කියල වත් මම දැනගෙන හිටියෙ නෑ.ඒත් අහම්බෙන් වගේ  අත් දෙක උඩටම කඩං වැටුණ පොතක් කියවනව ඇර මොනව කරන්නද කියල හිතාගෙන තමයි මේක කියවන්න ගත්තෙ. හැබැයි ඒ පිටු දෙක තුනක් පෙරලෙනකං විතරයි. ඊට පස්සෙ පිටු පෙරලෙන්න ගත්තෙ මටත් නොදැනිම වගේ කිව්වොත් තමයි හරි.